Pages

12/21/12

මරියතුමිය හා ජේසු තුමා අද සිටියා නම්

මරියතුමිය හා ජේසු තුමා අද සිටියා නම් පලස්තීන ප‍්‍රහාර වලින් බැටකනවා – ඊශ‍්‍රායලය

අවුලූවන සුලූ පණිවුඩයක් ෆේස්බුක් හි පල කිරීමෙන් පසු ඊශ‍්‍රායෙල් තානාපති බලකාය දැඩි අපහසුතාවයකට පත්ව ඇත. දැන් එය මකා දමා ඇති නමුත් ඊශ‍්‍රායලය සමාජ ජාල හරහා මතභේදාත්මක පණිවුඩ යවන ලද පලමු අවස්ථාව මෙය නොවේ.
IsrayelinIreland නම් ෆේස්බුක් පිටුවේ මරියතුමිය හා ජේසු තුමාගේ සිතුවමකට යටින් පහත අදහස දක්වා තිබුණි.

’’නත්තල් සිතුවිල්ලක් – මරියතුමිය හා ජේසු තුමා අද ජීවත්ව සිටියා නම් ආරක්ෂාවක් නැති යුදෙවුවන් මෙන්ම සතුරු පලස්තීන ප‍්‍රහාර වලින් අවසන් වනු ඇත.’’

මෙය ක්ෂණිකව උණුසුම් විවාදයක් ඇති කරන ලද අතර පැය කීපයකින් ඉවත් කරනු ලැබුණි. ඩබ්ලින් හි ඊශ‍්‍රායෙල් තානාපති කාර්යාලය ප‍්‍රකාශයක් නිකුත් කරමින් ෆේස් බුක් පරිපාලනයේ අනු දැනුමකින් තොරව පලකර ඇති ප‍්‍රකාශයෙන් අපහසුතාවයට පත් සැමගෙන් සමාව ඉල්ලා සිටින බව කියා ඇත. එතැන් සිට IsrayelinIreland පිටුව වසා දමා තිබේ.

මීට පෙරද නිර්ණාමික තානාපති කාර්යාල සේවකයකු පලකර තිබුනේ පලස්තීන දරුවන් දැන් මිසයිල සෙල්ලම් කරමින් සිටින්නේ ඊශ‍්‍රායලයේ අහිංසක ලමයින්, කාන්තාවන් හා පිරිමින් ට පහර දීමට බවත් ඇපල් ගෙඩිය ගස ලඟම වැටිය යුතු බවත්ය. ඊශ‍්‍රායෙල් වරුන්ගේ ජනප‍්‍රිය සංචාරක ප‍්‍රදේශයක් වුවද අයර්ලන්තය හා ඇත්තේ කලබලකාරී සම්බන්ධතාවයකි.

මෙම පලකිරීම තනි සිද්ධියක් නොව ඊශ‍්‍රායලයේ ‘හැස්බරා’ (පැහැදිලි කිරීම) නම් පුළුල් ප‍්‍රතිපත්තිය පිලිබඳ උදාහරණයකි. මෙම ප‍්‍රතිපත්තිය විරුද්ධ මාධ්‍යයන් වලට ඊශ‍්‍රෘයෙල් දර්ශනය ප‍්‍රචලිත කිරීමේ උත්සාහයක් ලෙස සැලකේ. මෙම වචනය 1970 පමණ ඇති වුවත් සමාජ මාධ්‍ය වර්ධනය වීමත් සමඟ ප‍්‍රතිපත්තිය නව ජවයක් ලබා ඇත. මෙම අර්ධ නීත්‍යානුකූල ප‍්‍රතිපත්තිය තුල ඊශ‍්‍රායෙල් තානාපති කාර්යාල ආන්දෝලනාත්මක විකාශන මධ්‍යස්ථාන වී ඇත.

මෑත කාලයේ හමාස් සංවිධානය හා ගැටුමේදී දෙපක්ෂයම තම ට්විට්ර් ගිණුමි හරහා යුධ ක‍්‍රියාමාර්ග, සැලසුම් හා පරාජයන් පිලිබඳ ප‍්‍රකාශ පල කරන ලදී.

සමාජ මාධ්‍ය පිලිබඳ අවුල ගැන ඊශ‍්‍රායල් විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශක ඉෂාල් පැල්මර් කියා ඇත්තේ ෆේස්බුක් යනු නියෝජිත ඩැනලයක් නොවන බවත් ප‍්‍රකාශන මගින් කිසිවෙකුට සිත් රිදීම් ඇති වුවොත් ඊශ‍්‍රායෙල් කාර්ය මණ්ඩලය ඒවා ඉවත් කර ඉතා හොඳින් සමාව ඉල්ලා සිටින බවයි.

No comments:

Post a Comment