නේටෝ මිසයිල දියත් කිරීම පිලිබඳ කලාපීය හා බටහිර බලවතුන් අතර සිරවූ තුර්කිය නැවතත් ගෝලීය අර්බුදයක කේන්ද්‍රය වී ඇත. මේ අළුත් අර්බුදය නම් කිලෝ මීටර් 900 ක් දිග සිරියා තුර්කි දේශසීමාවේ පේටි‍්‍රයට් මිසයිල ස්ථානගත කිරීමට අන්කාරාව නේටෝවෙන් ඉල්ලා සිටීමයි.
සහතිකවම ආරක්ෂක පියවරක් පමණත් බව විස්තර කෙරෙන නමුත් මෙය අන්කාරා අසල් වැසියන් සහ අනෙකුත් කලාපීය බලවතුන් වන මොස්කවු, ටෙහෙරානය හා ඩැමස්කසයේ චෝදනාවට ලක්ව ඇත.
නේටෝ හමුදා ප‍්‍රධානී නුඞ් බාර්ට්ල්ස් සමඟ පසුගිය සතියේ සාකච්ඡවකදී රුසියානු පොදු සේවා ප‍්‍රධානී වැලරි ජෙරසිමෝව් කියා ඇත්තේ තුර්කියේ ගුවන් යානා නාශක පද්ධතියක් සවි කිරීම පිලිබඳව රුසියාව කරදර වන බවයි. රුසියානු විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශක ඇලෙක්සැන්ඩර් ලූකාෂෙවිච් දේශසීමාවේ තවත් අවි රැස්කිරීම ආතතිය වැඩි කරන බව කියා ඇත.
කෙසේ නමුත් මේ ක‍්‍රියාවලිය නැවැත්වීමට අපහසුය. ඇමරිකාවෙන් දෙකක්, ජර්මනියෙක් දෙකක් සහ නෙදර්ලන්තයෙන් දෙකක් වශයෙන් වන පද්ධති 6ක් ස්ථානගත කිරීමට දෙසැම්බර් 5-6 බ‍්‍රසල්ස්හි පැවති රැස්වීමේදී අවසර ලබාගෙන ඇත.
දැනටමත් විශේෂඥයන් කණ්ඩායමක් ගණූදෙනුව අවසන් කිරීම සඳහා තුර්කියට පැමිණ ඇත. මෙම මිසයිල ස්ථානගත කරන්නේ ආරක්ෂාව සඳහා බව කියා සිටියද ඒ පිලිබඳ නේටෝ නිලධාරීන්ගේ පැහැදිලි කිරීම ගැටළු සහගතය. මිසයිල වලට මෙන්ම ගුවන් යානා වලටද පහර දිය හැකි මේවායේ අරමුණ ඉරානයට එරෙහි හමුදා ආක‍්‍රමණයක් ද විය හැකියයි රුසියානු ආරංචිමාර්ගයක් කොමර්සන්ට් පුවත්පතට කියා ඇත.
මොස්කවු හි PIR බුද්ධි මණ්ඩලයේ උප සභාපති දිමිත‍්‍රි පොලිකනෝව් සඳහන් කලේ පහසුවෙන් ගෙනයා හැකි මේවා ස්ථානගත කෙරෙන්නේ ඉරානයේ රහසිගත න්‍යෂ්ඨීක පහසුකම් ඇතැයි සැලකෙන ටෙබ්රිස් ප‍්‍රදේශයට කිලෝ මීටර් 500ක් නුදුරෙන් බවයි.
ඉරාන හමුදා නායක ජෙනරල් හසන් ෆිරුසාබාදි කියා සිටින්නේ ලෝක යුද්ධයකට සැලසුමක් වන මේවා මනුෂ්‍ය වර්ගයාගේ මෙන්ම යුරෝපයේද අනාගතයට ඉතා අනතුරු දායක බවයි.

No comments:
Post a Comment