Pages

12/21/12

ඉරාන පරිඝනක ඉලක්ක කර අළුත් වයිපර් වෛරසයක්

පරිඝනක වලින් දත්ත අතුගා දැමිය හැකි තවත් වෛරස් ප‍්‍රහාරයකට ඉරානය ලක්වී ඇත. ප‍්‍රතිවෛරස විශේෂඥයන් කියන්නේ මාස දෙකක් පමණ තිස්සේ මෙය ක‍්‍රියාත්මකව ඇති බවත් ඊලඟ ප‍්‍රහාරය 2013 ජනවාරි සිදුවීමට ඇති බවත්ය.
ඉරානයේ මහේර් පරිඝනක හදිසි ප‍්‍රතිචාර කණ්ඩායම් මධ්‍යස්ථානය අනතුරු අඟවන්නේ මෙය ප‍්‍රතිවෛරස හා ආරක්ෂක වැඩසටහන් වලින් බේරී පරිඝනක වලට රිංගා ඒවායේ ඇති දත්ත දිගටම මකා දමන බවයි. මහේර් මධ්‍යස්ථානය කියන පරිදි මයික්‍රොසෝෆ්ට් 2007 ඇති ඔෆිස් ග්රූව් ලක්ෂණයට සමාන වන පරිදි Grovemonitor.exe නම් සථාපනය කිරීමේ වැඩසටහනක් යොදාගෙන නිර්මාණය කර ඇත.

බැච්වයිපර් ලෙස හඳුන්වා ඇති මෙය ෘ අකුරේ සිට ෂ අකුර දක්වා වන දෘඩතැටි කොටස් වල ඇති දත්ත හා ඩෙස්කටොප් හි ඇති දත්ත මකා දමනු ලබයි. මෙම අළුත් තර්ජනය එහි විනාශකාරී ක‍්‍රියා අරඹන්නේ නිශ්චිත දිනවලය. සිමන්ටෙක් ආයතනය කියන්නේ ඔක්තෝබර් 12 සිට මෙය ක‍්‍රියාකාරී වී ඇති බවයි.

Alienvault පරිඝණක විද්‍යාගාරයේ කලමනාකරු ජෙයිම් බ්ලැස්කෝ පවසන පරිදි ඊ මේල් ඇමුණුම්, USB දෘඩාංග, සහ ජාල හුවමාරු කිරීම් හරහා මෙම වෛරසය ප‍්‍රචාරණය වේ.

කැස්පර්ස්කයි හි ජේෂ්ඨ පර්යේෂකයකු වන රොයෙල් ෂූවන්බර්ග් මෙය කලින් තිබු අතුගාදමන ආකාරයේ වෛරසයක් නොවන බවයි. මේ අනාවරණය සිදු වුනේ ඇමරිකාව හා ඊශ‍්‍රායලය ඉරානය ගැන ඔත්තු බැලීමට නිර්මාණය කල ඔත්තු වෛරසයක් ගැන උණුසුමක් පවතින අතරතුරය.

මේ වසරේ මැයි මස ඉරාන ඊශ‍්‍රායල හා අනෙකුත් මැදපෙරදිග රටවල දත්ත ඩැහැ ගැනීමේ වෛරසයක් රුසියානු විශේෂඥයින් සොයා ගන්නා ලදී. 2012 ජුනි මස නිවුයෝක් ටයිම්ස් වාර්තා කලේ ජනපති ඔබාමා ඉරාන න්‍යෂ්ඨීක  පහසුකම් වලට සයිබර් ආක‍්‍රමණයක් සඳහා අණ දුන් බවයි.

No comments:

Post a Comment