ආතතිය අඩු කරනු පිණිස ඔබාමා පාලනය මේ සතියේ සිරියානු වෙරල තීරයේ තිබූ ගුවන් යානා ප‍්‍රවාහක නෞකා දෙකක් ආපසු ගෙන්වා ගැනීම කලාපය තුල ඇමරිකානු හමුදා සිටීමට කැමති තුර්කිය කෝප ගැන්වීමට හේතු වී ඇත. USS EISENHOWER සහ USS IVOJIMA යන නැවු දෙක සහ එහි සිටි නාවික භටයන් 2500 ක් මෙසේ ආපසු ගෙන්වා ඇත.
සිරියානු ජනපති බෂාර් අසාද් විපක්ෂයට එරෙහිව රසායනික අවි භාවිතා කලහොත් ආක‍්‍රමණයක් දියත් කිරීමට සූදානමින් මේවා රඳවා තැබෙන බව ටයිම්ස් වාර්තා කලේය. සාමාන්‍යයෙන් පර්සියානු ගල්ෆ් කලාපයේ ගුවන් යානා ප‍්‍රවාහන නෞකා 2ක් සෑම විටම නවතා තැබෙන මුත් මේ මාසයේ USS ජෝන් සී ස්ටෙනිස් නෞකාව පමණක් එහි තිබෙනු ඇත.
මේ සම්බන්ධයෙන් නිර්ණාමික තුර්කි නිලධාරියෙක් ඩෙබ්කා ෆයිල් වෙත කියා තිබුනේ මෙම නැවු ඉවත් කිරීම අන්කාරාවට තේරුම්ගත නොහැකි මෙන්ම පිලිගත නොහැකි එකක්ද වන බවයි. තුර්කිය බිය වන්නේ සිරියානු රසායනික අවි තමන්ට එරෙහිව භාවිතා කරනු ඇත යන්නටයි.
සිරියාව කිසි විටක එවැනි අවි ඇති බව පිලි නොගන්නා අතර නිලධාරීන් කියන්නේ තිබුණත් ඒවා කිසි දිනක භාවිතා නොකරනු ඇති බවයි. සිරියාවේ අසල්වාසීන් වන තුර්කිය, ජෝර්දානය, කටාර්, සවුදි අරාබිය, සහ ඊශ‍්‍රායලය නීත්‍යනුකූලව ඇමරිකාවේ මෙම පියවර විවේචනය කර නැත.
නමුත් තුර්කි නිලධාරීන් මේ ගැන අවුල් සහගතව සිටින බව කියවේ. මේ අතර පේටි‍්‍රයට් මිසයිල ස්ථානගත කිරීම නිසා තුර්කිය හා ඉරානය අතර ආතතිය වැඩි වී ඇත. වාර්ෂික උත්සවයක් සඳහා තුර්කියට තිබූ ගමනක් ඉරාන ජනපති මොහොමඞ් අහමදිනෙජාඞ් අවලංගු කලේ මිසයිල නාශකයන් ලෝක යුද්ධයක් ඇතිකල හැකි බව කියමිනි.

No comments:
Post a Comment