Pages

12/21/12

දකුණු කොරියානුවන්ට අම්මා කෙනෙක් ලැබේ

ඊයේ අවසන් වූ ජනාධිපතිවරණයෙන් දකුණු කොරියාවේ ප‍්‍රථම ජනාධිපතිවරිය ලෙස පාර්ක් ගෙවුම් හේ තේරී පත් විය.

50.1% ක ඡන්ද ප‍්‍රතිශතයක් හිමි කර ගනිමින් ඇය ජයග‍්‍රහණය හිමිකර ගත් අතර තියුණු  තරගයකට මුහුණ දුන් ප‍්‍රතිවාදී තරගකරු මුන් ජේ ඉන් 48.9% ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගත්තේය.
ඒ අනුව දකුණු කොරියා ඉතිහාසයේ ජනාධිපති ධුරය හිමිකරගත් ප‍්‍රථම කාන්තාව ලෙස පත්වීමේ වාසනාවල පාර්ක් ගෙවුම් හේ ට හිමිවිය.

දැඩි ශ්‍රීත කාල ගුණයක් පැවතියද ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා විශාල පිරිසක් එක්ව සිටියහ. වැඩිම පිරිසක් ඡන්දය ප‍්‍රකාශ කළ ජනාධිපතිවරණය ලෙස ද මෙය සැළකේ.  ඡන්ද දායකයෝ 70% ක් ඡන්දය ප‍්‍රකාශ කළ බවල දකුණු කොරියා වාර්තා සඳහන් කරයි.

අවුරුදු 60 ක් වයසැති නව ජනාධිපතිවරිය ඇයගේ අවසාන රූපවාහිනී ප‍්‍රචාරක වැඩ සටහනේ දී සඳහන් කළේ මවක් තම පවුල රැක බලාගන්නා පරිදි රටේ වගකීම තමන් භාරගන්නා බව යි.

No comments:

Post a Comment