Pages

12/11/12

ෆුකුෂීමා කටයුතු රොබෝවන්ටම පවරයි

ජපානයේ හිටාචි ආයතනය එරට විනාශ වූ ෆුකුෂිමා න්‍යෂ්ඨීක බලාගාරය අවට විකිරණශීලී ප‍්‍රදේශ වල එසවීමේ කටයුතු කල හැකි දුරස්ථ පාලක රොබෝවක් නිර්මාණය කර ඇත.
ටොෂීබා ආයතනයද විකිරණ වලට ප‍්‍රතිරෝධී රොබොවක් ෆුකුෂිමා ප‍්‍රදේශ සඳහා ඉදිරිපත් කර ඇත. ASTACO SORA ලෙස නම් කර ඇති මෙම රොබෝව සෙන්ටි මීටර් 150×90 ප‍්‍රමාණයේ පීලි මාර්ගයක් මත නංවා ඇතැයි ASAHI SHIMBUN පුවත්පත වාර්තා කරයි.

වයර් රහිතව මෙය පාලනය වන අතර පැය 15 ක් පමණ එක දිගට ක‍්‍රියාත්මක කල හැකි බව හිටාචි සමාගම සිකුරාදා මාධ්‍ය හමුවකදී කියා ඇත. කොටස් දෙකකින් යුත් ඔසවනය මගින් කිලෝ 300ක පමණ බරක් එසවිය හැකි අතර රොබෝ අත් වලට විදුලි කියත් වැනි උපකරණද සවිකල හැක.

ලබන වසරේ මෙය දියත් කරන බව හිටාචි සමාගම කියයි. පසු ගිය මාසයේදී ටොෂිබා සමාගමද ෆුකුෂිමා කලාපය තුල භාවිතා කල හැකි විකිරණ ප‍්‍රතිරෝධී පාද 4ක් සහිත රොබෝවක් ඉදිරිපත් කල අතර එමගින් වැඩි බරක් එසවිය නොහැක.

2011 භූමි කම්පාවකින් හා සුනාමියකින් ෆුකුෂිමා බලාගාරය විනාශ වු අතර එය ජපානයේ මෑත කාලයේ සිදුවූ භයානකම විනාශය ලෙස සැලකේ. මේ නිසා බොහෝ රටවල් තම න්‍යෂ්ඨීක වැඩසටහන් පසෙක තැබීමට කටයුතු කලහ.

No comments:

Post a Comment