Pages

12/11/12

අයාලේ ගිය චන්ද්‍රිකාව හරිමග

රුසියානු විද්‍යාඥයන් අයාලේ ගිය චන්ද්‍රිකාව හරිමග යැවීමේ සැලසුමක

රුසියානු අභ්‍යවකාශ විද්‍යාඥයන් කලින් වතාවක ගමන් පථය වැරදී ගොස් නියමිත කක්ෂයට ආසන්නයට පමණක් ලඟාවූ yamal 402 සන්නිවේදන චන්ද්‍රිකාව නැවතත් නිවැරදි කක්ෂයට යැවීමට සැලසුම් කරති.
රුසියානු අභ්‍යවකාශ විද්‍යා ආයතනය වන ROSCOSMOS නිවේදනය කලේ මෙය සිදු වීමට හේතුව රොකට්ටුවේ උඩ කොටස කලින් වෙන් වී යාම නිසා බවයි.

proton -M රොකට්ටුවේ උඩ කොටස ප‍්‍රමාණවත් තරම් කාලයක් නොදැල්වුන නිසා ගැස්ප්‍රොම් අභ්‍යවකාශ පද්ධතියේ (GSS) චන්ද‍්‍රිකාව බලාපොරොත්තු වූ කක්ෂයට යැවීමට නොහැකි විය. දැන් විද්‍යාඥයන් උත්සාහ කරන්නේ චන්ද්‍රිකාවේම එන්ජිමක් හා ඉන්ධන සංචිතයක් මගින් නිසි තැනට යොමු කිරීමටයි.

ප‍්‍රංශයේ thales Alenia අභ්‍යවකාශ ආයතනය මෙම චන්ද්‍රිකාව නිපදවනු ලැබුවේ යුරේසියාව, මැදපෙරදිග සහ අප‍්‍රිකාවේ බොහෝ කොටස් ග‍්‍රහණය වන සම්පේ‍්‍රෂක ප‍්‍රතිචාරකයන් සහිතවය.

මේ වසරේ රුසියාවෙන් අභ්‍යවකාශයට යැවුනු දෙවන චන්ද්‍රිකාව මෙය වන අතර පලමු වැන්න වූ yamal 300k යවන ලද්දේ නොවැම්බර් 3 වනදාය.

එමගින් රුසියානු ප‍්‍රදේශවලින් 95% ක් පමණ ආවරණය කරයි. GSS බලාපොරොත්තු වන්නේ yamal සන්නිවේදන ජාලය 2020 වන විට සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක වනු ඇති බවයි.

No comments:

Post a Comment