ජපාන ආර්ථිකයේ ඇති වෙමින් තිබෙන අවුල් වියවුල් නිසා ජපාන ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාරික ආශාව සහ උනන්දුව බිඳ වැටී ඇතැයි නවතම සමීක්ෂණයක් විසින් අනාවරණය කරයිග
ජපානයේ ඔ්බන්බ නැමති සමීක්ෂණය මගින් මෙම කරුණු හෙළිදරව් වී ඇතැයි බීගබීගසීග ලෝක සේවය වාර්තා කරයිග
සමීක්ෂණයට යොදා ගන්නා විශාල කර්මාන්ත කරුවන්ගේ දර්ශකය මීට පෙර කාර්තුවේදී සෘණ 03 ක් දක්වා පහළ වැටී තිබුණු බවත් එය මෙම කාර්තුවේදී සෘණ 12 ක් දක්වා පහත වැටී තිබෙන බවත් සඳහන්යග
යෙන් මුදල ශක්තිමත්වීමල අපනයන ඉල්ලුම සහ දේශීය ඉල්ලුම අඩුවීම නිසා ජපාන කර්මාන්ත කරුවෝ මේ වනවිට අනතුරේ වැටී සිටිතිග
මේ පිළිබඳව අදහස් දක්වමින් ජපාන ආර්ථික විද්‍යාඥයින් පවසා තිබෙන්නේ ව්‍යාපාරික පරිසරය කෙටි කාලීනව යහපත්වීමේ කිසිදු සංඥාවක් පෙනෙන්නට නැති බවයිග
ජපාන විශාල කර්මාන්ත කරුවන්ගේ ව්‍යාපාරික උනන්දුව සහ ආශාව මනිනු ලබන මෙම දර්ශකය පසුගිය කාර්තු පහ පුරාම සෘණ තත්ත්වයට ඇද වැටී තිබෙන බව වැඩිදුරටත් සඳහන්යග
පසුගියදා අනාවරණය වූයේ ලෝකයේ තෙවැනියට විශාලතම ආර්ථිකය වූ ජපානය මේ වනවිට ආර්ථික අවපාතයකට වැටී ඇති බවයිග
පසුගිය ජූලි සහ සැප්තැම්බර් කාලයේදී ජපාන ආර්ථිකය සියයට 0ග9 කින් පමණ හැකිලුණු බව අනාවරණය වියග

No comments:
Post a Comment