Pages

12/21/12

මිලිමීටරයක්වත් චීනයට දෙන්නේ නෑ

මිලිමීටරයක්වත් චීනයට දෙන්නේ නෑ, චීනය අතහැර රුසියාවට ලංවෙනවා -ජපානය

ජපන් පාර්ලිමේන්තු මැතිවරණයෙන් අගමැති යොෂිහිකෝ නෝඩා ගේ පක්ෂය පරාජය වීම නිසා ඔහු ධුරයෙන් ඉවත් වී ඇත. ජයග‍්‍රාහක ෂින්සෝ ආබේ පවසන්නේ ජපාන දුපත් වලින් මිලි මීටරයක් වත් චීනයට ඉඩ නොදෙන බවයි. කෙසේ වෙතත් ජපානයේ නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායකයා වන ඔහු ඉරිදා කියා සිටියේ චීනයේ අභියෝගයන් නැවැත්විය යුතු බවයි.
තවමත් නිල ප‍්‍රතිඵල නිකුත් වී නැති නමුත් පරාජය කල් තියා දැනගත් නිසා ජපාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂත්‍ය් නායකයා වූ නෝඩා ඉල්ලා අස් වී ඇත. ආසන 480 න් 77 ක් වත් ඔවුන්ට ලබා ගත නොහැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තමන්ට 100% ක් ජනප‍්‍රසාදය ලැබී නැති නිසා මහජනයා කර ඇත්තේ පසුගිය වසර තුන තුල සිදු නොවූ දේවල් ඉටු කිරීමට තමන්ට අවස්ථාවක් දීම බව ආබේ කියයි.

2006-2007 වසර වල ඔහු ජපන් අගමැත වරයෙක් ලෙස කටයුතු කල අතර 2009 දී පරදින තුරු නිදහස් පක්ෂය වසර 50ක් අඛන්ඩව පාලනය කර තිබුණි. ජපානය හා චීනය තම ජාතික අභිප‍්‍රායන් නිසි ලෙස හඳුනා ගත යුතු බවත් චීනයට එසේ හදුනා ගැනීමේ දුර්වලතාවයක් ඇති බවත් ආබේ ප‍්‍රකාශ කරයි. දෙපක්ෂයටම වාසිදායක සම්භන්ධතා පිලිබඳ ඔවුන් අලූතෙන් සිතීමට තමාට අවශ්‍ය බවද ඔහු පැවසීය.

නැගෙනහිර චීන මුහුදේ දුපත් පිලිබඳව ජපානය හා චීනය අතර බොහෝ කලක සිට අර්බුදයක් පවතින අතර මේ හේතුව නිසා චීනය තුලදී ජපන් ව්‍යාපාරද වර්ජනයට ලක් වී ඇත. ඉන්දියාව  ඕස්ටේ‍්‍රලියාව ඇතුළු ආසියානු රටවල් හි බැඳිම් වැඩිකර ගැනීමට ඔහු බලාපොරොත්තු වන අතර රුසියාව සමඟ ඇති දේශසීමා අර්බුදය විසඳාගෙන සාම සම්මුතියක් අත්සන් කිරීමට තමා කැමති බවද කියා සිටී.

දකුණු කුරීල් දුපත් සම්බන්ධයෙන් රුසියාව හා ජපානය අතර දෙවන ලෝක යුධසමයේ සිට පැවත එන මතභේදය නිසා දෙරට අතර සාම එකඟතාවක් ඇතිවී නැත.

No comments:

Post a Comment