රුසියානු දේශසීමාවේ පිහිටුවන ඇමරිකානු මිසයිල ආරක්ෂණ පද්ධතිය උපක‍්‍රමශීලිව ප‍්‍රදේශය අස්ථාවර කිරීමක් වන අතර අවි තරඟයක ආරම්භය විය හැකියයි ඉහල පෙලේ රුසියානු නිලධාරියෙක් කියා ඇත.
රුසියානු වෙරල තීරයේ ඇමරිකානු මිසයිල ආරක්ෂණ පද්ධතියේ අංග වන සංචාරක නැවු එකවරම දර්ශනය වීම ගැන රුසියානු නියෝජ්‍ය අගමැති දිමිත‍්‍රි රොගොසින් කියා සිටියේ මෙවැනි සිදධි වලට රුසියාවෙන් තද ප‍්‍රතිචාර ලැබෙනු ඇති බවයි. එම ප‍්‍රතිචාර මොනවාදැයි ඔහු විස්තර කර නැති අතර ඊජිස් නාවික අවි සහිත ඇමරිකානු නෞකා නැවැත්වීමට පියවර ගන්නා බව කියා ඇත.
ඇමරිකාව ඇතුළු නේටෝ සගයන්ට රුසියාව බොහෝ විට අනතුරු ඇඟවූයේ නිසි එකඟතාවක් නැතිව මෙසේ නොකරන ලෙසයි. වොෂිංටනය මෙම ආරක්ෂණ පද්ධතියෙන් ඉරානය උතුරු කොරියාව වැනි සතුරු රාජ්‍ය වලින් එල්ල වන අතරමැදි පරාස මිසයිල වැලැක්විය හැකි බව කියයි.
උපායමාර්ගික සමතුලිතතාව බිඳ වැටෙන බවට ඇති රුසියානු මතය බටහිර හමුදා සන්ධානය ප‍්‍රතික්ෂේප කරයි. ඉදිරියේදී මෙමගින් රුසියානු ප‍්‍රදේශ ඉලක්ක නොකරන බවට ලිඛිත සහතිකයක් ලබා දීමටද නේටෝව මැලි වී ඇත. රුසියාවේ ශක්තිය පරීක්ෂා කිරීමට ඇති කැමැත්ත නැති කිරීම සඳහා ඕනෑම විරුද්ධවාදියෙකුට සිතාගත නොහැකි හානියක් වනු ඇතැයි සහතික වන බවද නියෝජ්‍ය ඇමතිවරයා පවසා ඇත.
නේටෝවේ රුසියානු නියෝජිතයා ලෙස වසර 4ක් කටයුතු කර ඇති ඔහු කියන්නේ නේටෝවට තේරෙන භාෂාව තමන් හොඳින් දන්නා බවයි.

No comments:
Post a Comment