හිලරි ක්ලින්ටන් බෙංගාසි ප‍්‍රහාරය ගැන සෙනෙට් විභාගයට සාක්ෂි නොදෙන ලකුණු
බෙංගාසියේ ඇමරිකානු තානාපති මන්දිරයට එල්ල වූ මාරාන්තික ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍යලේකම් හිලරි ක්ලින්ටන් ට සෙනෙට් විභාගයේදී සාක්ෂි දීමට නොහැකිවනු ඇත.
ගිය සතියේ ඇතිවූ ක්ලාන්තයකින් හා සිහි මූර්ඡ විමකින් පසු 65 හැවිරිදි ඇය කම නිවසේ සුවය ලබමින් සිටී. ආමාශගත වෛරසයක් නිසා දැඩි ලෙස විජලනයට ලක් වීම ඇයගේ සිහි නැති වීමට හේතුවයි. ඒ සඳහා ක‍්‍රමවත් වෛද්‍යාධාර ලැබීම අත්‍යවශ්‍ය වේ. ඇයගේ සංචාර අවලංගු කර ඇති අතර උතුරු අප‍්‍රිකාව හා ගල්ෆ් රටවල් කීපයකම තිබූ ගමන් සඳුදාට සැලසුම් කර තිබුණි.
රිපබ්ලිකන් විරුද්ධවාදීන් අපේක්ෂා කලේ විදේශ ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් සෙනෙට් විභාගයේදී ඇය ඇය පීඩනයට පත් කරනු ඇති බවයි. තානාපති ක‍්‍රිස්ටෝපර් ස්ටීවන් ඇතුළු ඇමරිකානුවන් තිදෙනෙක් මියගිය බෙංගාසි ප‍්‍රහාරය වලක්වා ගත හැකිව තිබූ බව විපක්ෂය ඔබාමා පාලනයට නිතර දෝෂාරෝපණය කරයි.
ඔබාමා පාලනය කියන්නේ මෙය ’ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්’ චීත‍්‍රපටය නිසා කුපිත වී එල්ල කල ක්ෂණික ප‍්‍රහාරයක් බවයි.
ලිබියාවේ මෙම සිද්ධිය ගැන සෙනෙට් මණ්ඩලයේ විදේශ සම්බන්ධතා කමිටුව හෝ විදේශ කටයුතු කමිටුව හමුවේ ලබන බ‍්‍රහස්පතින්දා හිලරි ක්ලින්ටන් ගේ සාක්ෂි නොලැබෙන බව පැහැදිලිය.
කමිටුවේ සභාපති ජෝන් කේරි ප‍්‍රකාශ කර ඇත්තේ ඇය සාක්ෂි දීම සඳහා නොආ යුතු බවයි. මේ නඩු දෙකේදීම ක්ලින්ටන් වෙනුවට ජේෂ්ඨ රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් වන විලියම් බර්න්ස් හා තෝමස් නයිඞ්ස් සාක්ෂි දීමට නියමිතය.
ඔබාමා පාලනයෙන් ලබන වසරේ ඉල්ලා අස්වන බව හිලරි ක්ලින්ටන් ප‍්‍රකාශ කර තිබුණි. ඇය 2016 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවටද රාවයක් ඇත.

No comments:
Post a Comment