හිස්බුල්ලා සංවිධානයේ අන්තර්ජාතික සම්බන්ධතා ප‍්‍රධානී අම්මර් අල් මුසාවි රොයිටර් හි නඩෙස්ඩා කෙවොර්කෝවා සමඟ සාකච්ඡවකට එක් වී ඇත.
එහිදී ඔහු සිරියානු අර්බුදයේ පසුබිම සහ විසඳිය හැකි ආකාර පිලිබඳව අදහස් පලකර තිබේ. සිරියානු අර්බුදය විප්ලවයක් නොවන බවත් බටහිර ප‍්‍රමුඛ අන්තර්ජාතික ප‍්‍රජාව ගේ බලපෑමක් බවත් පලස්තීනයට උදවු කිරීමට දෙන දඬුවමත් බවත් ඔවුන් විශ්වාස කරයි.
සාකච්ඡවේදී ඔහු පලකල අදහස් වල සාරාංශය පහත පරිදිය.
සිරියාවේ තත්වයට විදේශික මැදිහත් වීම් ක‍්‍රමයෙන් වැඩිවීම පිලිගත නොහැකි අතර විවිධ බලවේගයන් විසින් විප්ලවවාදීන් සහ අන්තවාදීන් සටනට ඇදගෙන ඇත. ත‍්‍රස්තවාදීන්ට එරෙහිව කටයුතු කරන බව කීවත් මෙහිදී ඔවුන් ත‍්‍රස්තවාදීන් හා අත්වැල් බැඳගෙන කටයුතු කරයි. රුසියාව අන්තර්ජාතික නීතිය අනුව වගකිවයුතු ස්ථාවරයක් දරයි.
ප‍්‍රචණ්ඩත්වය ගැන රුසියාව දැරූ මතය නිවැරදි බව දැන් පෙනී යයි. සිරියාවේ රාජ්‍යපාලනය තවමත් ශක්තිමත්ය. නමුත් අරගල නිසා දුර්වල වී ඇත්තේ මුලූ රටමයි. මේ ප‍්‍රචණ්ඩත්වය සිරියාවෙන් පිටතටද වර්ධනය විය හැකි අතර ලෙබනනය, ඉරානය, තුර්කිය, ජෝර්දානය ආදී ගල්ෆ් රටවලද එය පැතිර යා හැකිය. දැනටමත් සිරියාවේ තත්වය සම්බන්ධයෙන් ලෙබනනයේ පක්ෂ දෙකක් මතු වී ඇත. මෙම අර්බුදය සටන් මගින් විසඳිය නොහැකි බව පැහැදිලිය.
ජිනීවා හි සම්මත වූ ආකාරයට දේශපාලන විසඳුමක් මීට අවශ්‍ය වේ. සිරියාවේ මිතුරෝ සම්මේලනය මගින් කෙරුනේ විනාශය තව දුරටත් ඉදිරියට ගෙන යාමට අවස්ථාවක් ලබා ගැනීමයි. පලස්තීනය සම්බන්ධයෙන් ධනාත්මක ආකල්පයක සිටි එකම රට සිරියාව නිසා බටහිරට අවශ්‍ය ඔවුන් ඉවත් කිරීමයි. නැගෙනහිර මධ්‍යධරණී පෙදෙසේ තෙල් හා ගෑස් සංචීතද මෙම මැදිහත් වීම් වල හේතුවක් විය හැකිය. සිදුවන දෙයින් වාසි ගන්නේ ඊශ‍්‍රායලයයි.
‘නොදන්නා යකාට වඩා දන්නා යකා හොඳ’ බව ඔවුන් කියන්නේ පවතින පාලනය බිඳ වැටුනු පසු ඔවුන්ට වඩා යහපත් වන බවයි. සිරියාවේ නිතරම පලස්තීනුවන් වෙනුවෙන් දොරගුළු හැර ඇති නිසා ඔවුන් කිසා දිනක ගැටුමට සම්බන්ධ නොවනු ඇත. 1982 ඇරඹුනු හිස්බුල්ලා සංවිධානය මිනිසුන්ට උදවු කිරීම නිසා ඔවුන්ගේ සහාය ලැබීමට සමත් වී ඇත. ඔවුන් වෙනුවෙන් ආබාධිතයන් රැක බලා ගන්නා මධ්‍යස්ථාන සහ රෝහල් සංවිධානය විසින් පවත්වාගෙන යයි.
සිරියානු ගැටුමට අන්තර්ජාතික ප‍්‍රජාව ඍජුව සම්බන්ධ වීමට අකමැති අතර ඔවුන් කරන්නේ ඇවිලෙන ගින්නට පිදුරු දැමීමකි. අපහසුවෙන් වුවත් සමථයකට පත්වුනොත් එය සිරියාවට මෙන්ම සමස්ත මැදපෙරදිගටම යහපත් වනු ඇත.

No comments:
Post a Comment