Pages

12/21/12

ඉරාන භීතිකාව ඊශ‍්‍රායල් න්‍යාෂ්ටික ක‍්‍රියාකාරකම් වසං කිරීමටයි

ඉරානයේ යුරේනියම් වැඩසටහන පිලිබඳ අනන්දුව නිසා ඊශ්‍රායලය සිය නීති විරෝධී න්‍යෂ්ඨීක අවි ව්‍යාපෘති ආවරණය කරගෙන ඇතැයි හිටපු තානාපති වරයෙක් සහ විද්‍යාර්ථීයෙක් වන සෙයාද් හුසේන් මුසේවියන් රොයිටර් පුවත් සේවය වෙත කියා ඇත’ ඔහු සමඟ පැවති සාකච්ඡාවක දී පල කරන ලද අදහස් වල සාරාංශය පහත පරිදිය
ඉරානය 1979 සිට ඇමරිකානු පරිපාලන වල ප්‍රධාන විදේශ ප්‍රතිපත්ති ගැටළුවක් වී තිබුණි’ මේ නිසා ඔබාමා පාලනය යටතේත් එය විදේශ ප්‍රතිපත්තයේ මුල් කරුණු 3 ඇතුලත ඇති බව විශ්වාසය’ අන්තර්ජාතික  බලපෑම් නිසා ඔබාමාට බාධා තිබුණද ඔහුගේ දෙවන වර පත්වීමත් සමඟ ඉරානය පිලිබඳ සලකා බලනු ඇතැයි ශ=භවාදී බවක් ඇත’

ඇමරිකාවට මැදපෙරදිග තුන්වන යුද්ධයකත් පැටලී ඉරාකය හා ඇෆ්ගනිස්ථානයේදී මෙන් ප්‍රතිඵලයක් ද නැතිව ඩොලර් ටි්‍රලියන ගණනක් සහ ජිවිත දහස් ගණනක් අහිමි කරගැනීමට අනවශ්‍ය නිසා ඒ සඳහා උත්සාහ නොකරනු ඇත’

ඊශ්‍රයලය ඉරානයට ඇමරිකාව හා යුරෝපය මගින් බලපෑම් කිරීමට ගත් උත්සාහය හරි නොගිය නිසා නෙතන්යාහුම ගැටළුවක් ඇතිකර සම්බාධක පැනවීමට කටයුතු කර තිබේ’ ඉරානයෙන් ඊශ්‍රායලයට හෝ ඊශ්‍රායලයෙන් ඉරානයට බලපෑමක් නැති අතර ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ න්‍යෂAඨීක බෝම්බ ආවරණය කරගැනීමට පමණි’ අන්තර්ජාතික පරමාණුක ශක්ති ආයතනය සමඟ සහයෝගීව කටයුතු කිරීමට ඉරානය සූදානම්ය’

රුසියාව විසින් ඉදිරිපත් කර ඇති සැලසුම සාකච්ඡා සඳහා හොඳ පදනමක් බව ඉරානය විශ්වාස කරයි’මේ හේතුව මත යුරෝපා සංගමය ඉරාන තෙල් මිලදී ගැනීම නවතා ඇතත් ඒ වෙනුවෙන් තම අයිතිවාසිකම් අත් හැරීමට සූදානම් නැත’

ඇමරිකාවට මැදපෙරදිග ඇති සැබෑ තර්ජන වන්නේ සලාෆිස්” තලේබාන්” අල්කයිඩා සහ මුස්ලිම් රටවල් අල්ලා ගනිමින් සිටින දැඩි සුන්නි මුස්ලිම් විප්ලවවාදීන්ය’ ඉස්ලාම්වාදය මැදපෙරදිග පුරා බලයට පැමිණෙමින් සිටිති’ එමගින් කලාපයේ ඉතිරිව ඇති ඇමරිකානු මිත්‍රපාක්ෂිකයන් ද බලපෑමට ලක්වනු ඇත’

No comments:

Post a Comment