දෙසැම්බර් 24 වනදා නවදිල්ලි චාරිකාවකදී ‘ද හින්දු’ පුවත්පතට ජනපති පුටින් රුසියානු ඉන්දියානු සබඳතා වල අනාගතය පිලිබඳව පහත පරිදි අදහස් පල කර ඇත. දෙරට අතර සබඳතා වලට වසර 65ක් වී ඇති අතර පසුගිය කාලයේදී විවිධ ක්ෂේත‍්‍රවල එකමුතුව කටයුතු කර ඇත.
රුසියාවේ විදේශ ප‍්‍රතිපත්ති වල ප‍්‍රධාන කරුණු අතර ඉන්දියාව සමඟ මිත‍්‍රත්වය හා සහයෝගීතාවය වැඩිකර ගැනීම ඇතුලත් වේ. 2000 ඔක්තෝබර් මස ඉන්දියාව හා රුසියාව අතර උපායමාර්ගික සබඳතා ප‍්‍රකාශයට පත් කිරීම ඓතිහාසික පියවරකි.
ලෝකය වඩා සාධාරණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ආරක්ෂිත එකක් බවට පත් කිරීම දෙරටේම පොදු අරමුණකි. මැදපෙරදිග උතුරු අප‍්‍රිකාව හා ඇෆ්ගනිස්ථානය ආදී කලාපීය ගැටළු විසඳීමට සහයෝගීව කටයුතු කරයි.
ද්වී පාර්ශ්වික වෙළඳ හා ආයෝජන සම්බන්ධතා වලට විශෙෂ වැදගත්කමක් දී ඇත. කුන්දන්කුලම් න්‍යෂ්ඨික බලාගාරය ඇතුළු ඉන්දියාවේ නව බලාගාර පිහිටුවීමේ විශේෂ සැලසුම් නුදුරු අනාගතයේදීම ක‍්‍රියාවට නැගෙනු ඇත.
වානේ, හයිඩ්‍රොකාබන්, වාහන, ගුවන් යානා, රසායනික ද‍්‍රව්‍ය සහ ඖෂධ ආදී ක්ෂේත‍්‍රවල ඇති ව්‍යාපෘතිවල ඵල ලබා ගැනීමටද බලාපොරොත්තු වෙයි. සන්නිවේදනයේ දියුණුව සඳහා රුසියානු ගෝලීය මාර්ග දැක්වීමේ පද්ධතිය ගැන ද්වී පාර්ශ්වික එකඟතාවය දැනටමත් අත්සන් කර තිබේ.
හමුදා කටයුතු සම්බන්ධව සහ තාක්ෂණික සහයෝගීතාවය අතින් සම්බන්ධතාවල උපාය මාර්ගික ස්වභාවයක් පවතී. මානුෂවාදී සහයෝගීතාවය දෙරටටම ඉතා වැදගත් වේ. කලා, සංස්කෘතික හා සාහිත්‍යය ආදී අංශ වල හුවමාරුව මේ යටතේ සිදුවේ.
අනාගතයේදී මේ සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති අතර මිත‍්‍රශීලී ඉන්දියානු ජනතාවට සාමකාමී, යහපත් හා ජයග‍්‍රාහී බව අවසාන වශයෙන් ප‍්‍රාර්ථනා කෙරේ.

No comments:
Post a Comment