Pages

12/27/12

ඇමරිකාවට ලඟා විය හැකි මිසයිල උතුරු කොරියාවෙන්

ප්යෙන්ග්යැන්ග් විසින් ඇමරිකාවට ලඟාවිය හැකි මිසයිල නිපදවම්න් සිටින බව දකුණු කොරියාව පවසයි. මෙම චෝදනාව එල්ල වී ඇත්තේ උතුරු කොරියානු නායක කිම් ජොං උන් චන්ද්‍රිකාවක් සාර්ථකව ගුවන් ගත කිරීමෙන් අනතුරුව වඩා ප‍්‍රබල රොකට් සංවර්ධය සඳහා උපදෙස් දී ඇති බැවිනි.
දෙසැම්බර් 12 නිකුත් වූ අවධි 3ක රොකට්ටුවක් වන උන්හා 3 රහසිගත මිසයිල අත්හදා බැලීමක් වසං කිරීමේ උත්සාහයක් බව කියවේ. දකුණු කොරියාව කියන්නේ මෙවැනි රොකට්ටුවක න්‍යෂ්ඨික පුපුරණ කොටස් කිලෝ 500-600 ක් පමණ සවිකල හැකි බවයි. මෙම රොකට්ටුවේ කොටස් සලකා බලන විට උතුරු කොරියානු තාක්ෂණයේ දියුණුව පැහැදිලි වන බව විශ්ලේෂකයෙක් පැවසීය.

නමුත් බැලස්ටික් මිසයිලයකට අවශ්‍ය වන දිශාව දැක්වීමේ හා වෙනස් කිරීමේ පද්ධතියක් මෙහි ඇති බවට සාක්ෂි නැත. දෙසැම්බර් චන්ද්‍රිකා දියත් කිරීම නීති විරෝධී මිසයිල අත්හදා බැලීමක් ආවරණය කිරීමේ උත්සාහයක් ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇතුළු අන්තර්ජාතික ප‍්‍රජාවගේ සැකයට භාජනය විය.

සාම ක‍්‍රියාකාරිකයකු සහ නීතීඥයකු වන එරික් සයිරොට්කින් රොයිටර් වෙත කියා ඇත්තේ මෙය උතුරු කොරියාවේ තාක්ෂණික බලය පෙන්වීමේ උත්සාහයක් බවයි.

එක් රොකට්ටුවක වියදම ඩොලර් මිලියන 480ක් පමණ වන අතරම 1998 සිට උතුරු කොරියාව අසාර්ථක දියත් කිරීම් 4ක් සිදු කර ඇත. 2006 සහ 2009 වසරවල පරීක්ෂණ නිසා එක්සත් ජාතීන් විසින් ප්යොන්ග්යැන්ග් හි න්‍යෂ්ඨික පරීක්ෂණ තහනම් කර තිබුණි.

සම්බාධක වලින් එතරම් රටට බලපෑමක් නැති බවත් හමුදා ක‍්‍රියාකාරකම් වල නියැලීමට ප්යොන්ග්යැන්ග් හි අදහසක් නැති බවත් උතුරු කොරියානු විශෙෂඥ රූඩිගර් ෆ‍්‍රෑන්ක් පවසයි.

No comments:

Post a Comment