මේ දිනවල උතුරු ඉන්දියාවේ පවතින අධික ශීත කාලගුණය හේතුවෙන් මේ වන විට මරණ 25ක් සිදුව ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.
මෙලෙස මියගොස් ඇති බහුතරය මහළු වියේ පසුවන්නන් හෝ නිවාස නොමැත්තන් බවත්, වැඩිපුරම මරණ ප‍්‍රමාණයක් වාර්තා වන්නේ උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයෙන් බවත් වාර්තා වේ.
මෙම ප‍්‍රාන්තයට අමතරව පංජාබ්, රාජස්ථාන් හා හරියානා ප‍්‍රාන්ත වලට දමෙම අධික ශීත කාලගුණය දරුණු ලෙස බලපා ඇති බව පැවසේ.
මෙම කාලගුණික තත්ත්වය හේතුවෙන් නවදිල්ලි අගනුවර උෂ්ණත්වයද සෙල්සියස් අංශක 07 දක්වා පහත බැස ඇති අතර, අධික මීදුම හේතුවෙන් ගුවන්ගමන් රැුසක් ද අවලංගු කර ඇත.
මෙම කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපය පුරාවටද පවතිනු ඇතැයි ඉන්දීය කාලගුණ විසා දෙපාර්තමේන්තුව පවසයි.

No comments:
Post a Comment