හවායි විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන්ට අනුව මීටර් 140ක් වන ග‍්‍රාහක චන්ද්‍ර‍්‍රයාට ඇති දුර මෙන් දෙගුණයක් (කි.මී. 890000) තරම් පෘථිවිය ආසන්නයෙන් ගමන් කරනු ඇත බවයි. නමුත් ‘යාකොව්ස්කි ආචරණය’ නම් සංසිද්ධිය නිසා මේවායේ ගමන් මග සුලූ වශයෙන් වෙනස් වීමටද ඊඩ ඇත.
සූර්ය කිරණ මගින් අවශෝෂණය කරන තාප ශක්තිය නැවත පිටකිරීමේදී මෙසේ වෙනස් විය හැක. එහි බරපතල කම ප‍්‍රදර්ශනය කරමින් 1908 සයිබීරියාවේ මිනිසුන් රහිත කලාපයකට වැටුනු ග‍්‍රාහක කැබැල්ලක් නිසා හිරෝෂිමා බෝම්බය මෙන් 1000 වරක් ප‍්‍රබල ශක්තියක් නිකුත් කරන ලදී.
මෙවැනි විනාශ වලක්වා ගැනීමට කැලිෆෝර්නියාවේ ආයතනයක් පෘථිවියට ආසන්නයේ ඇති ග‍්‍රාහක වලින් 90% ක් පමණ ලැයිස්තුගත කර ඇත.
B 612 පදනම හා කොලරාඩෝවේ බොල්ඩර් අභ්‍යවකාශ අයතනය සමඟ මේවා අනාවරණය කර ගැනීමට ඩොලර් මිලියන 500ක් වන අධෝරක්ත දුරේක්ෂ යොදා ගැනීමේ සෙන්ටිනල් නම් ව්‍යාපෘතියක් අරඹා ඇත.
B 612 පදනමේ ප‍්‍රධානී එඞ් ලූ කියන්නේ අප ඇස් පියාගෙන අභ්‍යවකාශය තුල සැරිසරන බවයි. මෙවැනි දේවල් පෘථිවිය හා ගැටීමේ හැකියාවක් ඇති බවද ඔහු කියා සිටී.
අහස නිරීක්ෂණය කල හැකි අභ්‍යවකාෂ යානයක් 2018 දී ස්පේස් X රොකට්ටුව මතින් ගුවන්ගත කිරීමටද නියමිතය. මේ වන විට ඇස්ටරොයිඩ 10000ක් පමණ ලැයිස්තුගත කර ඇත.

No comments:
Post a Comment