ඇපල් නිර්මාතෘ ස්ටීවු ජොඛ්ස් ට අයත් යාත‍්‍රාවක් එහි නිර්මාණ ශිල්පියාට ගෙවිය යුතු බිල් නිසා නීතිය විසින් රඳවාගෙන ඇත. නිර්මාණකරු වූ ෆිලිප් ස්ටාර්ක්ට නියමිත මුදල් ගෙවීමට පෙර ජොඛ්ස් මිය ගියේය. නොගෙවූ මුදල් සම්බන්ධව ජොඛ්ස් හා ස්ටාර්ක් අතර ආරවුලක් තිබූ බව පෙනේ යයි ෆයිනෑන්සීලි ඩැග්ඛ්ලැඞ් වාර්තා කර ඇත.
බෝට්ටුව සඳහා ගෙවීමට තිබූ ඩොලර් මිලියන 9 න් 6 ක් පමණක් ගෙවා ඇති බව නිර්මාණකරුගේ නීතීඥයන් තහවුරු කල නිසා ඉතිරි මුදල ගෙවන තෙක් යාත‍්‍රාව ඇම්ස්ටර්ඩෑම් හි රඳවාගෙන ඇති බව වෝල් ස්ටී‍්‍රට් ජර්නලය වාර්තා කරයි. යුරෝ මිලියන 100ක ව්‍යාපෘතියක් වූ මෙය 2007 ඇරඹී ඇත.
මේ වසරේ ඔක්තෝබරයේ මෙය නිමවූ අතර රෝම දෙවතාවියක් වන වීනස් ගේ නමින් බෞතීස්ම කර ඇත. අඩි 260ක් දිග යාත‍්‍රාවේ බඳ ඇපල් විසින් නිර්මාණය කල අඩි 10ක් උස ජනේල වලින් ද අඟල් 27 අධි තාක්ෂණික පරිඝණක 7 කින්ද සමන්විතය.
අභාවප‍්‍රාප්ත ඇපල් ප‍්‍රධානියා තමා වීනස් හි වැඩ නිමවන තුරු ජිවත් විය නොහැකි බව දැන සිටියේය. මෙය නිම කිරීම ඔහුගේ අන්තිම කැමැත්තේ කොටසක්ද විය.
වෝල්ටර් ඉසාක්සන් ගේ ජොඛ්ස් චරිතාපදානයේ කියා ඇත්තේ බිරිඳ ලෝරන්ස් ට මෙය නිම කර දීමට තමාට නොහැකි වුවත් එය දිගටම කරගෙන යාමට සිදුවන බවයි. එය නතර වනු ඇත්තේ තමා මියගිය පසුව බවද එහි සඳහන්ව ඇත.

No comments:
Post a Comment