ඇමරිකානු ඩ්‍රෝන යානයේ සියළු දත්ත සාර්ථකව ලබාගත්තා – ඉරානය
ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකාය (IRGC) අඟහරුවාදා අල්ලා ගත් ඇමරිකානු ඔත්තු යානයේ තිබූ සියළු දත්ත ලබාගත් බව කියා සිටී.
මෙම Scan Eagle වර්ගයේ යානය හමුදා දත්ත එකතු කිරීමට අමතරව ඉරාන තෙල් පරිවහනය ආදී බලශක්තිය පිලිබඳ දත්තද එකතුකර ඇති බව IRGC මහජන සම්බන්ධතා දෙපාර්තමේන්තුව කියා සිටී.
මෙයින් ඇමරිකාව හඹා යන්නේ කුමන තොරතුරු පසු පසද යන්න දැනගත් බවද ඔවුන් කියයි.
ඇමරිකාව තම යානය නැතිවීම ප‍්‍රතික්ෂේප කලත් දෙපාර්තමේන්තුව කියන්නේ එම ප‍්‍රතිචාරයෙන් පෙනෙන්නේ එය ඔවුන්ට ප‍්‍රතික්ෂේප කල නොහැකි එකක් වන බවයි.
IRGC නාවික ආරක්ෂාවට ගවන් යානා හසුවීම පසුගිය වසරේ RQ 170 ගුවන් යානය කෂ්මාර් නගරයේදී අල්ලා ගැනීමට වඩා වැදගත් බවයි.

No comments:
Post a Comment