Pages

12/6/12

බි‍්‍රතාන්‍ය යුරෝ හවුලෙන් ඉවත් විය යුතුයි – ලන්ඩන් පුරපති

ලොව ප‍්‍රධාන ආරථික කේන්ද්‍රයක් වන ලන්ඩනයේ නගරාධිපති ‘යුරෝ’ යනු විනාශකාරී ව්‍යාපෘතියක් බවත් බි‍්‍රතාන්‍යය එහි රැඳී සිටිය යුතුද නැද්ද පිලිබඳව සිතා බැලිය යුතු බවත් කියා සිටී.
කැනරි වෝෆ් හි තොම්සන් රොයිටර්ස් ප‍්‍රධාන කාර්යාලයේදී බොරිස් ජොන්සන් කියා ඇත්තේ දේශපාලන එකමුතුව හැර දමා බි‍්‍රතාන්‍යය තනි වෙලඳපොලක් බවට පත් විය යුතු බවයි. මිනිසුන් අළුත් සම්බන්ධතාව දියුණුවක් ලෙස නොදකියි නම් ඔවුන්ට යුරෝපා සංගමය හැර යාමේ අයිතියක් ඇතැයි ඔහු කියා සිටී.

අගමැති ඬේවිඞ් කැමරන් යුරෝපා සංගමය හා කටයුතු කරන ආකාරය වෙනස් කල යුතු යයි ඉල්ලා සිටි ඔහු ලඟදීම පුපුරා යා හැකි යුරෝ හුඹස් බියෙන් ඉවත් විය යුතු බවද කියා ඇත. අගමැති කාර්යාලය මෙම විවේචනය ප‍්‍රතික්ෂේප කරන්නේ කැමරන් තනි මූල්‍ය ඒකකයක් භාවිතා කිරීම නියත ප‍්‍රතිඵල ගෙන දෙන බව විශ්වාස කරන්නේයයි කියමිනි.

ජනමත විචාරණයකට ඉදිරිපත් කලොත් 56%ක් බි‍්‍රතාන්‍ය වැසියන් යුරෝපා සංගමයෙන් ඉවත් වීමට කැමති බව නොවැම්බර් මස සමීක්ෂණයකින් හෙලි වී ඇත.

කම්කරු පක්ෂයේ 44% ක විරුද්ධත්වයට එරෙහිව කෙන්සර්වේටිවු පාක්ෂිකයන් 68% ක් හැරයාමට එකඟය. Bruges Group බුද්ධි මණ්ඩලයේ අධ්‍යක්ෂ රොබර්ට්  ඕල්ඞ්සි කියා ඇත්තේ බ‍්‍රසල්ස් නිසා ආර්ථික බර ඇතිවූ බවයි.

No comments:

Post a Comment