Pages

12/6/12

න්‍යෂ්ඨික විනිවිද භාවය සඳහා

න්‍යෂ්ඨික විනිවිද භාවය සඳහා එක්සත් ජාතීන් ගේ ඉල්ලීමට ඊශ‍්‍රායලය පයින් ගසයි

න්‍යෂ්ඨික අවි සංවර්ධනයන් නොකිරීමේ ගිවිසුම (NPT) ට අනුගත වන ලෙස එක්සත් ජාතීන් ගේ සංවිධානය කල ඉල්ලීමක් ඊශ‍්‍රායලය ප‍්‍රතික්ෂේප කර ඇත්තේ එය තමන් පිලිබඳ විශ්වාසය නැති අයකුගේ පලක් නැති ඡන්ද කටයුත්තකැයි කියමිනි. 174 ට 6ක් ලෙස එක්සත් ජාතීන්ගේ ඡුන්දයකින් තවත් පමා නොවී NPT වෙත අනුගත වන ලෙස ඊශ‍්‍රායලයට බල කල යුතුයයි සම්මත විය.
ඊශ‍්‍රායෙල් මිතුරකු වන ඇමරිකාව මෙම යෝජනාවට විරුද්ධව කිසිවෙක් ඡන්දය නොදීම ගැන පුදුම වනු ඇත. ඊශ‍්‍රායෙල් විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශක යිහාල් පැල්මර් උපුටා දක්වමින් ජෙරුසෙලම් පෝස්ට් කියා ඇත්තේ මෙවැනි ඡන්ද මගින් එක්සත් ජාතීන් තුල ඊශ‍්‍රායලය ගැන විශ්වාසය නැති වන බවයි.

ඊශ‍්‍රායලය න්‍යෂ්ඨික අවි හා අවි තාක්ෂණය පැතිරීම වැලැක්වීමේ අරමුණෙන් 1970 ඇතිකරගත් NPT ගිවිසුමේ සාමාජිකයෙක් නොවේ. ඔවුන් කියන්නේ තමන් මැදපෙරදිගට න්‍යෂ්ඨික අවි හඳුන්වා දුන් පලමු රට නොවන බවයි.

රුසියාව බි‍්‍රතාන්‍යය සහ ඇමරිකාවේ අනුග‍්‍රහයෙන් දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ‘න්‍යෂ්ඨික අවි වලින් තොර මැදපෙරදිග’ සම්මන්ත‍්‍රණයෙන් ඇමරිකාව ඉවත් වී සති 2කට පසු මෙම විනිවිද භාවය පිලිබඳ ගිවිසුම ප‍්‍රතික්ෂේප වී ඇත.

බොහෝ අය මෙම ප‍්‍රතික්ෂේප කිරීම ගැන දොස් නගති. දැන් මෙම රැස්වීම එන වසරේ මුල පැවැත්වීමට නියමිතව ඇත. එ. ජාතීන්ට අනුව ලතින් ඇමරිකාව. කැරිබියන් දුපත් දකුණු ෆැසිපික් ගිණිකොන ආසියාව. අප‍්‍රිකාව යන කලාප න්‍යෂ්ඨික අවි වලින් තොර ඒවා ලෙස හඳුනාගෙන ඇත.

No comments:

Post a Comment