Pages

12/6/12

සිරියානු ආක‍්‍රමණයකට ඇමරිකානු සෙනෙට් සභා අනුමැතිය

ඇමරිකානු සෙනෙට් මණ්ඩලය සිරියානු ජනපති අසාද්ගේ ගුවන් හමුදාව අඩපණ කිරීමේ ක‍්‍රියාමාර්ග ඇගයීමට සම්පූර්ණයෙන්ම පාහේ ඒකමතික ඡන්දයකින් අනුමැතිය ලබා දුන්හ. නීති සම්පාදකයන් කියන්නේ මෙම ක‍්‍රියාමාර්ගය සිවිල් වැසියා ආරක්ෂා කිරීමට ගත් බව වුවත් විවේචනවලින් කියවෙන්නේ ලිබියානු ආකාරයේ ගුවන් තහනම් කලාපයක් ඇතිකිරීම මෙහි අරමුණ බවයි.
සිරියාවේ සිදුවිය හැකි හමුදා ක‍්‍රියාමාර්ග පිලිබඳ පෙන්ටගන් වාර්තාවක් ඉදිරියට කරගෙන යාමට 92ක් පක්ෂවද 6ක් විපක්ෂවද ඡන්දය දුන්හ. සිරියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බහුවිධ දේශපාලනයක් ඇතිකිරීමටත් සිවිල්වැසියන් ඝාතනය වැලැක්වීමටත් ඔබාමාගේ අරමුණු සවිමත් කිරීම කෙරෙහි ඉලක්කවු අධ්‍යයනයක් කිරීමට ඇමරිකානු ආරක්ෂක ලේකම් ලියොන් පැනෙටාට දින 90ක් මෙමගින් ලබාදී ඇත.

මේ වාර්තාවේ සිරියා තුර්කි දේශසීමාවේ PATRIOT මිසයිල ස්ථානගත කිරීම, ගුවන් තහනම් කලාපයක් ඇති කිරීම සහ රජයේ ගුවන් මූලස්ථානවලට එල්ල විය හැකි ගුවන් ප‍්‍රහාර යන අංශ තුන මෙම වාර්තාවෙන් සවිස්තරව දැක්වෙනු ඇත.

මේ ඡුන්දයේදී සෙනෙට් මන්ත‍්‍රීවරු අදහස් රැසක් පල කර ඇත. මෑතකදී බටහිර රටවල් සිරියානු රජයේ රසායනික අවි භාවිතය වැලැක්වීමට විශාල පීඩනයක් එල්ල කර ඇත.

නේටෝවේ විදේශ ඇමතිවරු PATRIOT මිසයිල සිරියා-තුර්කි දේශසීමාවේ ස්ථානගත කිරීමට අඟහරුවාදා අනුමැතිය ලබාදුන්හ. ජනපති ඔබාමා ද කියා ඇත්තේ සිරියාවේ රසායනික අවිභාවිතය පිලිගත නොහැකි බවයි.

No comments:

Post a Comment