නිලධාරීන්ට එල්ල වී ඇති දූෂණ චෝදනා හේතුවෙන් ඉන්දීය ඔලිම්පික් සංගමය තාවකාලිකව අත්හිටුවීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර ඇත.
ස්විස්ටලන්තයේ පැවති සැසි වාරයේ මෙම තීරණයට එළඹි බව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව නිවේදනය කරයි.
ඉන්දීය ඔලිම්පික් සංගමයේ නිලධාරීන් තෝරා ගැනීම සදහා වූ ඡන්ද විමසීම පසුගියදා පැවැත් වූ අතර ඒ සදහා ඉදිරිපත් වූයේ විවිධ දූෂණ චෝදනා වලට ලක්ව සිටින පුද්ගලයන්ය.
මෙම තත්ත්වය සලකා බැලූ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් තාවකාලිකව ඉන්දීය ඔලිම්පික් සංගමයේ කටයුතු අත්හිටුවීමට පියවර ගෙන ඇත.

No comments:
Post a Comment