Pages

12/5/12

පලස්තීන ජයග‍්‍රහණයට පලි ගැනිම

එක්සත් ජාතීන් අතර පලස්තීන ජයග‍්‍රහණයට පලි ගැනිමට ගිය නෙතන්යාහු අපහසුතාවයක

ඊශ‍්‍රායෙල් රජයේ ජනපද ව්‍යාප්ත කිරීමේ තීරණය ඇමරිකානු ජනාධිපතිවරයාට දුන් අතුල් පහරක් බව පලස්තීනයට සම්බන්ධ විවේචන වලට අලුතෙන් එක්වූ හිටපු අගමැති එහුද් ඔල්මර්ට් පවසයි.
පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල ලබාගත් ජයග‍්‍රහණයට පලි ගැනීමක් ලෙස අත්කර ගත් ප‍්‍රදේශයේ මතභේදාත්මක ගොඩනැගිලි ව්‍යාපෘතියක් ඇරඹීම නිසා නෙතන්යාහු තමාට පක්ෂපාතී රටවල විවේචනයට ලක්ව ඇත.

සිය රටේ ඔහුගේ තත්වය අනුව එලඹෙන ඡන්දයේදී මෙය අවාසි සහගත වීමටද ඉඩ ඇත. සතියක ගාසා යුද්ධයෙන් පසු නෙතන්යාහු ගේ ජනප‍්‍රියත්වය වැඩිවී තිබූ නමුත් දැන් විදේශ රටවල අප‍්‍රසාදයට ලක් වෙමින් සිටී. පලස්තීනය එක්සත් ජාතීන්ගේ නිරීක්ෂක තත්වය ලබා දීම ගැන තිබූ ඡන්දයේදි යෝජනාවට විරුද්ධව ලැබුණෙ ඡන්ද 9ක් පමණි.

නෙතන්යාහුට තමන් තනිවී ඇතැයි දැනගැනීම තැති ගැන්මක් ඇති කරනු ඇතැයි FOREIGN POLICY සඟරාව කියා සිටී.

ඊශ‍්‍රායලයේ ආක‍්‍රමණ නිසා පලස්තීනයට යුරෝපීයයන් අනුබල දෙන්නට ඇතැයි ද එහි සඳහන් ව ඇත. නමුත් නෙතන්යාහු රජය මේ නිසා පලස්තීනයට එරෙහි එදිරිවාදිකම් අඩු කරනු වෙනුවට තවත් දඬුවම් කි‍්‍රයාමාර්ග රැසක් ගෙන ඇත.

අත් කරගත් ප‍්‍රදේශයේ නව නිවාස ව්‍යාපෘතියක් අරඹන බව ඔහු නිවේදනය කලේ මෙම ඡන්දයෙන් පැයක් ගතවන විටමය. හිලරි ක්ලින්ටන්, විලියම් හේග්, අමට් දවුටොග්ලු ආදි විවිධ නායකයන්  මෙම තීරණය විවේචනය කර ඇත. ඉරිදා ඊශ‍්‍රායලය විසින් මේ මස පලස්තීන ප‍්‍රදේශ වලින් එකතු වූ ඩොලර් මිලියන 120ක් පමණ වූ බදු මුදල් බටහිර ඉවුරේ විදුලි ණය පියවීම සඳහා රඳවාගෙන ඇත.

ඊශ‍්‍රායෙල් විපක්ෂය මෙය නෙතන්යාහුගේ ප‍්‍රචණ්ඩ පියවර විවේචනය කිරීමට අවස්ථාවක් කරගෙන ඇත. හිටපු අගමැති සිපි ලිවිනි කියන්නේ පලස්තීනයට දඬුවම් දිමට යාමෙන් ඊශ‍්‍රායලයටම දඬුවම් ලැබී ඇති බවයි.

No comments:

Post a Comment