Pages

12/3/12

ඇමරිකානු ඩ්‍රෝන යානා අනතුරු වැඩිවේ

වැඩි ප‍්‍රමාණයක් ආපසු කැඳවයි

ඇමරිකානු ඩ්‍රෝන් යානා විදේශීය ක‍්‍රියාන්විත වලදී මෙහෙයුම් නැති අවස්ථාවල අනතුරු වලට ලක්වීම වැඩිවී ඇති බව එරට ගුවන් හමුදා පර්යේෂණයකින් හෙලිවී ඇත. මේ අතර වොෂිංටනය එම යානා ඇමරිකානු සිවිල් ගුවන් කලාපයට යාමට ඉඩ හැරීම ගැන සැලසුම් කරමින් සිටිති.
මිනිසුන් රහිත ගුවන් යානා (UAV) තාක්ෂණික වැරදීම් වල සිට ගුවන් ගමන් පාලකයන්ට සංකීර්ණතා ඇති කිරීම ආදී හේතු පරාසයක් නිසා මෙසේ අනතුරු වලට ලක්වන බව වාර්තාවෙන් පෙන්වයි.

පසුගිය වසර දෙක තුල ගුවන් තොටුපලවල් ආසන්නයේදී යානා 7ක් වත් කඩා වැටී ඇත. අළුත්ම පාලනය කිරීමේ යාන්ත‍්‍රණයක් ඇති මිනිසුන් රහිත යානා සෑදීමේ කොන්ත‍්‍රාතුව බාර දී ඇත්තේ අප‍්‍රකට ඇමරිකානු සමාගමක් වන මර්ලින් රැම්කෝ වෙතයි. ඔවුන් අත්දැකීම් රහිත නියමුවන් යොදා ගන්නා බව වාර්තා වල දැක්වේ.

අල්කයිඩාවට සහ සෝමාලි කොල්ලකරුවන්ට එරෙහිව යොදා ගත් යානා 5ක්ම මෑත කාලයේදී ජිබුටි හි දී කඩා වැටී ඇත. ෆෙඩරල් ගුවන් ගමන්  අධිකාරිය මගින් මෙම යානා විශේෂ අවසර සහිත මෙහෙයුම් වලට පමණක් යොදා ගත් නමුත් 2015 වන විට ඇමරිකානු ගුවන් ප‍්‍රදේශවලට පැමිණීමට නියමිතව ඇත.

ඇමරිකාව විදේශ ක‍්‍රියාවලි නතර කර ආපසු ගෙන් වූ ඩ්‍රෝන් යානා 6000ක් පමණ ගෘහස්ථ භාවිතයට යොදා ගැනීමට නියමිතය. 2020 වන විට UAV 30000ක් පමණ තිබෙනු ඇතැයි ෆෙඩරල් ගුවන් ගමන්  අධිකාරිය ඇස්තමේන්තු කරයි.

No comments:

Post a Comment