සමලිංගික විවාහ සඳහා යහපත් වසරක් ඇමරිකාවේ ඇති වුවත් තතු දත් අය ඔට්ටු අල්ලන්නේ ඊලග සටන් වලින් ජයග‍්‍රහණය කල හැක්කේ අතලොස්සක් රටවල දී පමණක් බවයි. විවාහය ගැහැණියක් හා පිරිමියෙක් ගේ එක් වීමක් ලෙස සලකන අය කියන්නේ නොවැම්බර් 6 වනදා පරාජය උද්ඝෝෂණ පාඨ හා අරමුදල් රැස්කිරීමේ මෙවලමක් ලෙස යොදා ගෙන ඇත.
සමලිංගික විවාහ වලට විරුද්ධ ප‍්‍රධාන කණ්ඩායමක් වන විවාහය සඳහා වූ ජාතික සන්ධානය එහි මිතුරු පක්ෂ වලින් ඉල්ලා සිටින්නේ ඊලඟ වසරේ අරමුදල් ඩොලර් මිලියන 30 දක්වා වැඩිකර දෙන ලෙසයි.
ඇමරිකාව මීට පෙර විවාහය වැනි නිෂ්චිත දෙයක් ගැන පියවර ගැනීමට ඇමරිකාව කිසි දිනක නොසිතූ අතර මේ තර්ජනය එලඹුනේ මෑතකදී බව සංවිධානයේ ප‍්‍රධානී බ‍්‍රයන් බ‍්‍රවුන් සාකච්ඡවකදී කියා සිටියේය. මෙයින්, මේර්ලන්ඞ් හා වොෂිංටනයේ සමලිංගික විවාහ ඡන්ද මගින් නීතිගත කිරීමත් සමඟ ඊට ඉඩදෙන ප‍්‍රාන්ත ගණන 9 දක්වා වැඩිවිය. ඉන් සති කිහිපයකට පසු වඩා බලවත් සටන් සඳහා දෙපක්ෂයම සූදානම් වන බව පෙනේ.
පිරිමි සහ ගැහැණු විවාහ පමණක් ඇති රෝඞ් අයිලන්ඞ් හි ද නීති සම්පාදකයන් පසුගිය වසරේ පරාජය වූ සමලිංගික විවාහ පනත යලි සලකා බලමින් සිටී. ඔක්තෝබරයේ WPRI-TV කල සමීක්ෂණයකින් දැක්වුනේ රෝඞ් අයිලන්ඞ් හි 56% ක් ඊට එකඟ බවත් 36%ක් විරුද්ධ බවත් 8% ක තීරණය අවිනිෂ්චිත බවත් නිවුජර්සි වලද මෙම පනත සම්මත වූ නමුත් ආණ්ඩුකාර ක‍්‍රිස් ක‍්‍රිස්ටි එය නිෂේධ කලේය.
ඇමරිකාව තුල ජනයා වැඩි වැඩියෙන් සමලිංගික විවාහ අනුමත කිරීමට පටන් ගෙන ඇති නිසා බ‍්‍රවුන් කියන්නේ සම්ප‍්‍රදායික විවාහ ආරක්ෂා කරන්නන් දැන් ආරක්ෂා වීම සඳහා අරගල කරන්නන් බවට පත්ව ඇති බවයි.

No comments:
Post a Comment