ජපානයේ උමං මාර්ගයක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඊයේ දිනයේදී මෙලෙස කඩා වැටී ඇත්තේ ටෝකියෝ නුවරට බටහිර දෙසින් පිහිටි සසාගෝ උමං මාර්ගයයි.
සහන සේවකයින් උමග තුළින් පුද්ගලයින් කිහිප දෙනෙකු ගින්නට හසුව වී ඇති ආකාරය දුටු බව එම වාර්තා සඳහන් කරයි.
මෙම සිද්ධියෙන් පුද්ගලයින් විශාල පිරිසකට උමග තුළ සිරව සිටින්නට වී ඇත.
ටෝකියෝ නුවරින් පිටතට ඇදෙන මහා මාර්ග දෙකෙන් එකකට සම්බන්ධ සසාගෝ උමං මග කිලෝමීටර් 4.3 දිගකින් යුක්ත වන අතර කඩා වැටීමකට ලක්ව ඇත්තේ එහි මීටර් 100 ක පමණ කොටසකි.

No comments:
Post a Comment