Pages

12/3/12

ඇමරිකානු මිසයිල පද්ධතිය ගැන ලිඛිත වාර්තාවක් රුසියාව ඉල්ලයි

ඇමරිකානු මිසයිල ආරක්ෂණය තම රටට ආරක්ෂක තර්ජනයක් නොවන බවට පැහැදිලි තාක්ෂණික ලේඛනයක් රුසියාවට අවශ්‍ය බව නේටෝවේ මොස්කවු නියෝජිතයා කියා ඇත.
ඇලෙක්සැන්ඩර් ග්රුෂ්කෝ සිකුරාදා කියා සිටියේ මිසයිල ආරක්ෂණයෙන් රුසියානු ප‍්‍රදේශ ඉලක්ක නොකරන බවට නීතිමය බැඳීමක් ආකාරයෙන් කෙරෙන තහවුරුවක් අවශ්‍ය බවයි.

මෙම ලියවිල්ල දේශපාලන ප‍්‍රකාශන වල වචන වලින් නොව පැහැදිලි හමුදා තාක්ෂණික එකක් විය යුතුය. අත්ලන්තික් යුරෝපීය ප‍්‍රදේශයට පිටින් එල්ල වන මිසයිල තර්ජන සඳහා මිස රුසියානු උපාය මාර්ගික න්‍යෂ්ඨීක අවි වලට අවහිර කිරීමට නොවිය යුතු බවද ඔහු කියා සිටියේය.

රුසියාවට සපයන තාක්ෂණික දත්ත වල නිරෝධක සහ රේඩාර් වල පිහිටීම සහ පුපුරන කොටස් වල වේගය ඇතුඑ හමුදාවට පැහැදිලි කිරීමට අවශ්‍ය අනෙකුත් අංග ඇතුලත් විය යුතු බව ග්රුෂ්කෝ සඳහන් කලේය.

ප‍්‍රමාණවත් තරම් දේශපාලන අඏප‍්‍රායක් ඇත්නම් ගැටලු වලක්වා ගත හැකිය.

අවසාන වශයෙන් ඔහු කියා සිටියේ මිසයිල ආරක්ෂාව පිලිබඳ එකඟතාවයකට එලඹෙයි නම් රුසියාව හා නේටෝව තම සම්පත් සැබෑ ලෙසම පොදු ආරක්ෂාව සඳහා යොදා ගන්නා බවට අදහස් විය යුතු බවයි.

No comments:

Post a Comment