සිරියානු බෝම්බ හෙලීම නිසා
සිරියානු ප‍්‍රහාරක යානා තම දේශසීමාවේ පිහිටි කැරලි කඳවුරු වලට ප‍්‍රහාර එල්ල කල පසු තුර්කිය විසින් F-16 ප‍්‍රහාරක යානා දේශසීමාවේ ඉහල නංවා ඇත.
තුර්කි ආරක්ෂක අංශ උපුටා දක්වමින් DAILY STAR ලෙබනන් පුවත්පත කියා ඇත්තේ සිරියානු හමුදා රාස් අල් අයින් නගරය ඉලක්ක කර ඇති බවයි. එය මසකට පමණ ඉහතදී කැරලි කරුවන් අත් කරගෙන ඇත.
සිරියානු නගරයේ සටන් සිදු වන අතර වැරදී ගිය ෂෙල් වෙඩි තුර්කියේ සිලාන්පිනාර් නගරය ආසන්නයට වැටී ඇත. මෙම ප‍්‍රහාර සිදු වූයේ කැරලිකරුවන්ගෙන්ද රජයේ හමුදාවන්ගෙන්ද යන්න පැහැදිලි නැත.
මේ සිද්ධිය සිදු වුනේ අන්කාරා හි ඉල්ලීම මත නේටෝවෙන් PETRIOT ඔ මිසයිල දේශ සීමාවේ ස්ථානගත කිරීමට සලකා බලමින් සිටින අතරතුරදීය.
අන්කාරාව බොහෝ දුරට කැරලිකරුවන්ට උදවු වන බවක් පෙනේ. කැරලි කරුවන් ගේ අවි ජාවාරම් වලට ඉඩ දීමත් තුර්කි ප‍්‍රදේශයේ ඇති අනාථ කඳවුරු බඳවා ගැනීමේ හා මෙහෙයුම් කඳවුරු ලෙස භාවිතා කිරීමට ඉඩ දීමත් ගැන සිරියාව චෝදනා කරයි.

No comments:
Post a Comment