රුසියානු මාර්ගයක් වනසයි
දැඩි හිම පතනය නිසාමොස්කවු හා ශාන්ත පීටර්ස්බර්ග් අතර ප‍්‍රධාන මාර්ගයක බ‍්‍රහස්පතින්දා සිටරියදුරෝ දහස් ගණනක් මාර්ග තදබදයක සිරවී සිටියහ.
කිලෝමීටර් 200ක් පමණදිග ට‍්‍රක් රථ පෝලිමක් මොස්කව් සිට ට්වර් ප‍්‍රදේශය දක්වා පැවතුණි. හදිසි ආපදා අමාත්‍යාංශය බේරා ගැනීමේ පුද්ගලයන් 175ක් සහ හිම ඉවත් කරන වාහන 100ක් පමණද ප‍්‍රදේශයට යවා ඇත.
සඳුදා උදෑසන වන විට තදබදය යථා තත්වයට පත්වූ බව අධිකාරීහු පවසති. සෙනසුරාදා උදෑසන වන විට සිර වී සිටි රියදුරන්ට උණුආහාර, ආවරණ, වෛද්‍යාධාර සහ ඉන්ධන සපයා තත්වය ස්ථාවර කර තිබිනි. එහෙත් රියදුරන් ප‍්‍රාදේශීය මාධ්‍යවලට කියා තිබුනේ තමන්ට කිසිම ආධාරයක් නොතිබුණු බවයි. ඇතැම් රියදුරන් නම් ටිවර් නගරය ආසන්නයේ ගලවා ගැනීමේ අංශ උනුසුම් බීම සහ සැන්ඞ්විච් බෙදා දෙනු දුටු බව කියා ඇත.
මෙම M 10 මාර්ගය වෙනුවට M 9 භාවිතා කරන ලෙසද අමාත්‍යාංශය උපදෙස් දී ඇත. ඇතැම් රියදුරන් දින 3ක් පමණ මෙහි සිරවී සිටියහ.
M 10 මාර්ගය දෙසැම්බර්2 වනදා සවස 6වන විට යථා තත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන ලදී. බොහෝ වාහනවල හිම මත ලිස්සීම අඩුකරන ශීත ඍතුවට ගැලපෙන ටයර් නැතිවීම මෙම තදබදයට හේතු විය.

No comments:
Post a Comment