Pages

12/4/12

කේට් ගැබ් ගනියි

බ්‍රිතාන්‍ය කේට් කුමරිය ගැබ් ගැනීමේ පුවත සැලවීමත් සමග විලියම් සහ කේට් යුවළට ලොව දස දෙසින් සුබපැතුම් ගලා එමින් පවතින බව වාර්තා වේ.
මාස 03 ක ගැබිනියක් වන කේට් කුමරිය ලන්ඩන් හි රෝහලක මේවන විට ප්‍රතිකාර ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇය ගැබ් ගෙන ඇති බවට බ්‍රිතාන්‍ය රජ පවුල විසින් පළමු වරට ඊයේ (03) නිවේදනය කර තිබුණි.

එම නිවේදනයත් සමග අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් විලියම් සහ කේට් යුවළට සුබ පැතුම් එක් කර තිබේ.

විලියම් සහ කේට් යුවළට ලැබෙන මෙම දරුවා චාල්ස් සහ විලියම් කුමරුන්ට පසුව බ්‍රිතාන්‍ය රජ කිරුළේ මීළඟ උරුමක්කාරයා වනු ඇත.

No comments:

Post a Comment