Pages

12/24/12

රුසියානු ‘සකර්බර්ග්’ ගැනත් සිනමාවට නැගේ

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මෙන්ම රුසියාවේ vkotakte සමාජ ජාලය ආරම්භ කල පවෙල් ඩියුරොව් ද තම කතාව චිත‍්‍රපටයකට නැගීමට යයි.
ශාන්ත පීටර්ස්බර්ග් හි උපන් මෙම ව්‍යවසායකයා පිලිබඳ චිත‍්‍රපටය මාධ්‍යවේදී නිකොලායි කොනොනොව් ගේ ‘ඩියුරොව් කෝඞ්’ නම් කෘතිය මත පදනම් වේ. vkotakte කතාව ඉතා ප‍්‍රබල හා සිනමාත්මක නිසා එය ලිවීමට තීරණය කල බව කතුවරයා කියයි.

මිලියන 100කට වැඩි පිරිසක් සිටින රාජ්‍යයක් වන මෙම සමාජ ජාලය අලූත් ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර අන්තර්ජාලයෙහි ඇති කිරීමට උනන්දු කරවන බව කොනොනොව් කියා සිටී. මැචට් කිල්ස්, ක්ලවුඞ් ඇට්ලස්, එලේනා ඇතුළු බොහෝ චිත‍්‍රපට නිෂ්පාදනය කල ඇලෙක්සැන්ඩර් රොඞ්නියාස්කි මෙය නිෂ්පාදනය කරයි.

මෙය පවෙල් ඩියුරොව් ගැන ප‍්‍රශස්තියක් නොව අද කාලයේ මිනිසුන් හා සිත් ඇදගන්නා චරිතයක් ගැන පෙන්වන්නක් බව ඔහු කියයි.

2006 දී ඇරඹි සමාජ ජාලයේ මිලියන 190 කට වඩා ලියාපදිංචි සාමාජිකයන් සිටිති. රුසියානු භාෂාව කතා කරන පරිශීලකයන් අතර ජනප‍්‍රියම සමාජ ජාලය මෙයයි.

No comments:

Post a Comment