චීන මෝටර් රථ නිෂ්පාදක ෂිජියැං ගීලි හෝල්ඩින් සමූහ ව්‍යාපාරය ලන්ඩනයේ අයිකනික් ටැක්සි නිෂ්පාදකයා වන මැංගනීස් බ්‍රොන්ස් හෝල්ඩින් හි කොටස් වලින් 80%ක් මිලදී ගෙන ඇතැයි වාර්තා වේ. ලන්ඩන් සමාගම බංකොලොත් වීමේ අවදානමක සිටින නිසා ගීලි විසින් 100% ක්ම එය අත්කර ගැනීමේ හැකියාවක් ද ඇත.
මේ සිද්ධිය පිලිබඳ තතු දත් දෙදෙනෙක් බ්ලූම්බර්ග් වෙත කියා ඇත්තේ දැනට 19% ක කොටස් හිමි ෂියැං ගීලි සමාගමේ හොංකොං ඒකකය වන ගීලි ඔටෝ සමාගම ඉතිරි කොටසද ගැනීමට සැලසුම් කරන බවයි. මේ වෙනුවෙන් වියදම් කරන මුදල ඔවුන් හෙලිකර නැත. මේ මිලදී ගැනීමත් සමඟ ස්වීඩන්යේ වොල්වෝ නිෂ්පාදනයේ හිමිකාරීක්වයද හිමි ෂියැං ගීලි සමාගම විදේශ ව්‍යප්තිය වේගවත් කිරීමට අදහස් කරයි.
මෑත කාලයේ ගිණුම් ප‍්‍රශ්න, පාඩු සහ කැබ් රථ 400ක් ආපසු ගෙන්වීම ආදී ප‍්‍රශ්න රැුසක් මැංගනීස් බ්‍රොන්ස් සමාගමට ඇතිවිය. ඔක්තෝබර් 30 වනදා එය ගීලි හි ණය හිමි ආරක්ෂණය යටතට පත්විය. ප‍්‍රයිස් වෝටර් හවුස් උපදේශක ආයතනයට අනුව ණය හිමියන්ගේ ප‍්‍රමාණය පවුම් මිලියන 50 කට වැවිය.
වියදම අඩු කිරීම සඳහා ආයතන දෙක අතර බද්ධ ව්‍යාපාරයක් ඇතිවූයේ 2006 දීය. ඒ අනුව ගීලි ඔටෝ ෂැංහයි හි නිෂ්පාදනය කල කොටස් ලන්ඩනයේ එකලස් කෙරුණි. කඩා වැටෙන යුරෝපා ව්‍යාපාර මිලදී ගැනීම චීන ව්‍යවසායකයන්ට අළුත් දෙයක් නෙවේ.
ප‍්‍රංශයේ වයින් කම්හල් දෙකක් මේ මස මුලදී චීනය මිලට ගැනීමෙන් ප‍්‍රංශ දේශපාලනඥයන් කෝප වී ඇත්තේ සිටින්නේ වයින් උරුමය විකුණතැයි කියාය.

No comments:
Post a Comment