මොස්කවු හි පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ඇසුන ප‍්‍රශ්නයට පිලිතුරු ලෙස ව්ලැඩිමීර් පුටින් ප‍්‍රකාශ කලේ රුසියාව හා ඇමරිකාව සතුරන් නොවන බවත් සංකීර්ණ ගැටළු වලට විසඳුම් සෙවීමට අවශ්‍ය බවත්ය.
නමුත් හේතු කීපයක් නිසා සම්බන්ධතා අයහපත් වූ බවද ඔහු සඳහන් කලේය. මෙවැනි ගැටළු අතර ඉරාක ප‍්‍රහාරය සහ යුරෝපයේ මිසයිල ආරක්ෂණයක් පිහිටුවීම ආදිය ඇත. කෙසේ වෙතත් තම දෙරට අතර හොඳ සාමාන්‍ය සම්බන්ධතාවක් ඇති බවද ඔහු කියා ඇත.
මෙහිදී පුටින් පිලිබඳ රසකතා කීපයක් ද ලයිෆ්නිවුස් වෙබ් අඩවි වාර්තාකරු විමසා සිටියේය.
හැම දෙනාම විශ්වාස කරන පරිදි ලෝක විනාශය සිදු වන දිනය පුටින් නිසැකවම දන්නා බව ඔහු කියා සිටි විට ජනපතිවරයා පිලිතුරු දුන්නේ එය තමා දන්නා බවයි. වසර බිලියන 4.5 කින් සූර්යයාගේ කි‍්‍රයාවලිය අවසන් වූ පසු එය සිදුවන බවට විද්‍යාත්මක විග‍්‍රහයක් ඊට ඉදිරිපත් කර ඇත.
රුසියාවේ දැඩි පාලනයක් පුටින් අපේක්ෂා කරන්නේදැයි විමසු පැනයකට ඔහු පිලිතුරු දුන්නේ තමා පිලිවෙල හා විනය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන රටාව සමඟ විසංවාදී නොවන සේ පවත්වා ගන්නා බවයි. ජෝර්ජියාව හා ඇති සම්බන්ධතා පිලිබඳ අදහස් දක්වමින් තත්වය සම්පූර්ණයෙන් අවහිර කිරීම ගැන ජෝර්ජියා ජනපති මිකායිල් සාකෂ්විලි ට චෝදනා කලේය.
2008 අගෝස්තුවේදී දින පහක හමුදා ගැටුමක් නිසා බිඳ වැටී ඇති සම්බන්ධතාව යලි යහපත් අතට ගැනීමට උත්සාහ කරන බව පුටින් කියා සිටියේය. මෙම මාධ්‍ය සමුළුවට රුසියානු මෙන්ම විදේශීය මාධ්‍යවේදීන් 1200ක් පමණ කැඳවා තිබුණි. පැය 4 විනාඩි 33ක් තිස්සේ පැවති සමුළුව ප‍්‍රධාන රූපවාහිනී චැනල ඔස්සේ සජීවීව විකාශනය විය.

No comments:
Post a Comment