Google සමාගම මේ සතියේ වැඩි ප‍්‍රසිද්ධියක් නැතිවම අළුත් ව්‍යපෘතියක් අරඹා ඇත. එනම් අන්තර්ජාලයට සම්බන්ධිත විට හා සම්බන්ධ නැති විට පරිශීලකයන් කරන්නේ මොනවාදැයි දැන්වීම් කරුවන්ට දැනුම් දීමයි.
මෙහිදී කෙරෙන්නේ පරිශීලකයන් අන්තර්ජාලයෙන් සෝදිසි කරන දේවල් සහ නිවසින් පිටතදී ඔවුන් මිලදී ගන්නා දේවල් මත පදනම්ව පරිශීලකයන් ගේ ප්‍රොෆයිල් සෑදීමයි.
google සමාගම කියන්නේ පරිශීලකයන් අන්තර්ජාලය තුලදී කරන දේවල් සැබෑ ජීවිතයේ කරන දේවල් ගැන තොරතුරු නැතිව අසම්පූර්ණ වන බවයි. එමගින් වඩා හොඳ ප‍්‍රචාරණ ව්‍යාපාර කල හැකි බව ඔවුන්ගේ අදහසයි.
මෙම දෙආකාරයේම පරිශීලක දත්ත වල පුද්ගලික බව සහ නිර්ණාමික බව ආරක්ෂා කිරීම තහවුරු කිරීමට ආරක්ෂක විධිවිධාන පනවා ඇති බව google අවධාරණය කරයි.
බිස්නස් ඉන්සයිඞ් වෙත ජිම් එඞ්වර්ඞ්ස් ලියා ඇත්තේ ’ඔබ ගැප් වෙතින් ටී ෂර්ටයක් මිලදී ගෙන ක්‍රෙඩිට් කාඞ් පතින් බිල ගෙවූ විට මෙම ක‍්‍රමය මගින් ඊට ගැලපෙන කලිසම් පිලිබඳ තොරතුරු සපයනු ඇත’ යනුවෙනි.
ඇත්තෙන්ම මෙම තොරතුරු තුන්වන පාර්ශවයක් විසින් ලබා ගැනීමේ හැකියාවක් ඇත. මේ අතරම google විසින් මෙම තොරතුරු ලබා දෙන්නේ දැන්වීම් ආයතන වලටම පමණක් නොවේ.
පසුගිය මාසයේ ඔවුන් වාර්තා කල පරිදි 2012 වසර තුල ඇමරිකානු රජය පුද්ගලයන් 8000 ක තොරතුරු ඉල්ලා ඇත. මේ දත්ත ලබා දුන්නේ 6 වන වතාවට බවත් රජයන්ගේ ආරක්ෂාව සඳහා සූදානම වැඩි යයි ඉන් පෙනෙන බවත් එම වාර්තාවේ කියා ඇත.

No comments:
Post a Comment