Pages

12/24/12

16 හැවිරිදි පාසල් සිසුවියක් අත්අඩංගුවට‍

සමූල ඝාතනයකට අර ඇඳි 16 හැවිරිදි පාසල් සිසුවියක් අත්අඩංගුවට‍

අන්තර්ජාලයට මුදා හළ වීඩියෝ පටයක් මගින් සිය උසස් පාසලේ සියලු දෙනාම ඝාතනය කොට තමා ද දිවි තොර ක‍රගන්නා බවට තර්ජනය කරන ලද 16 හැවිරිදි පාසල් සිසුවියක ඇරිසෝනා ප්‍රාන්ත පොලීසිය මගින් අත්අඩංගුවට‍ ගෙන තිබේ.
මෙසා නගරයේ රෙඩ්මවුන්ටන් උසස් පාසලේ ඉගෙනුම ලබන ඇය කැනඩාවේ ටොරොන්ටෝවේ ද්විලිංගික ප්‍රජාවක් සතු යූටියුබ් නාලිකාවක් ඔස්සේ මේ තර්ජනය මුදා හැර ඇත.

අදාළ නාලිකාව සතු පුද්ගලයා වහා ටොරෝන්ටෝ පොලීසියට මේ බව දැන්වීමෙන් පසු පැය තුනක් තුළදී එම විඩියෝව නිකුත් කළ සැකකරුගේ මෙසා හි පිහිටි නිවස සොයා ගැනීමට පොලිසියට හැකිව තිබේ.

රහස් පරීක්ෂකවරුන් එම නිවසට ගොස් ඇගේ මවුපියන් අබියස දී ඇගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු ඇය අත්අඩංගුවට ගෙන තිබේ. විඩියෝ තර්ජනය සිදුකළ බව පිළිගත් ඇය පසුගියදා සිදුවු සැන්ඩි හුක් ප්‍රාථමික පාසල් සමූල ඝාතන සිද්ධියට කලින් ඇය සිය ඝාතන ක්‍රියාවලිය සැලසුම් කළ බව කියා ඇත.

පාසලේ සියල්ලන් ඝාතනය කිරිමට හා බරපතළ ලෙස තුවාල සිදු කිරීමට තමා සතුව සැලැස්මක් ඇති බව ඇය විඩියෝ පටයෙන් ප්‍රකාශ කර ඇත.මේ විඩියෝ පටය මුදා හැරීමෙන් පසු සැබවින්ම තමා එය ක්‍රියාත්මක කරතැයි බියෙන් පසුවු බව ඇය රහස් පොලිසියට කියා තිබිණ.

ඒ සමගම ආරක්ෂක අංශයට යොමු කෙරුණු විදුලි රැහැන් කපා දැමීමේ සිද්ධියේදී පොලිස් ප්‍රතිචාර මන්දගාමි කිරීමට සැලසුම් කෙරී තිබුණු බවද ඇය කියා ඇත. මෑතකදී මනෝ වෛද්‍යවරුන්ට ද යොමුකර ඇති ඇය නිවසේ ගිනි අවි ඇති තැන් ගැන විමසිමෙන් පසු ඇගේ පියා විසින් ඒවා ආරක්ෂිතව සඟවන ලද බව ඔහු පවසා තිබේ.

No comments:

Post a Comment