Pages

12/24/12

ලෝක විනාශය අදලු

මායා ලෝක විනාශයෙන් ගැලවීම ගැන ලෝකයා සැනසුම් සුසුම් හෙලූවත් තවමත් මෙම පැරණි අනාවැකිය සත්‍ය විය හැකි බවත් සමහරවිට මෙය මේ ඉරිදාම සිදවීමටද හැකියාවක් ඇති බවත් පුරාවිද්‍යාඥයෙකු පවසයි.
පෞරණික තේරවිල්ල තවමත් විස නැත්තේ මායා කැලැන්ඩරය සම්පූර්ණයෙන් තේරුම් ගෙන හෝ එය බටහිර හෙවත් ග්‍රෙගරියන් දින දර්ශනය සමඟ සම්බන්ධ කර නැති බැවිනි.

මෙක්සිකෝවේ ජාතික මානව විද්‍යා සහ ඉතිහාස ආයතනයේ පුරා විද්‍යාඥ කාමන් රොජස් මායා දින දර්ශනයේ ඇති දින අවසන් වීම සිකුරාදා නොව ඉරිදා විය හැකි බව ලොස් ඇන්ජලීස් ටයිම්ස් වෙත කියා ඇත.

මායා පුරාවිද්‍යා ප‍්‍රජාව විශ්වාස කරන්නේ දිනයේ ඇති සංස්කෘතික හා දේශපාලන වැදගත්කමට ගැලපෙන සේ ඉතිහාසය පුරා මායා දින දසුන වෙනස් කර ඇති බවයි.

මේ සියළු සාධක නිසා දින 144000 කට හෙවත් වසර 394.26 කට සමාන 13 වන මායා දින දර්ශන ඒකකයේ (බැක්ටන්) අවසානය ඉරිදා විය හැකි යයි රොජස් විශ්වාස කරයි. තවත් අය කියන්නේ මෙය වසරක් කල් ගත විය හැකි බවයි.

No comments:

Post a Comment