Pages

12/9/12

චන්ද්‍රයාගේ පෘෂ්ඨය මගින් ගැටුම් සහිත අතීතය පෙන්වයි

චන්ද්‍රයාගේ පලමු වසර බිලියනය තුල ග‍්‍රාහක හා උල්කාපාත වල පහර කෑමේ ප‍්‍රමාණය එහි පෘෂ්ඨය මත ඇති පළුදු දැක්වෙන අළුත්ම ඡයාරූප වලින් පෙනෙන බව ඇමරිකානු විද්‍යාඥයන් කියයි. චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත‍්‍රය පරීක්ෂා කරන EBB සහ FLOW අභ්‍යවකාශ යානා යොදා ගැනෙන GRAIL ව්‍යාපෘතියෙන් මෙම තොරතුරු හෙලි වී ඇත.
ග‍්‍රහලෝක මත ගැටුම් ඇති වුවත් චන්ද්‍රයාගේ පෘෂ්ඨය මත මේ තරම් පහර කෑම් වලට ලක් වූ බව කිසිවෙක් නොසිතනු ඇතැයි මෙහෙයුමේ ප‍්‍රධානී මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ ප‍්‍රධාන විද්‍යාඥ මාරියා සුබර් කියා සිටී.

පෘථිවි කබොල මෙන් නොව චන්ද්‍රයාගේ මතුපිට භූ ස්ථර චලනයන් නිසා නිරතුරුවම වෙනස් වෙයි. පෘථිවියද ඇතුලත් සූරයග‍්‍රහ මණ්ඩලයේ ඇතිවීම පිලිබඳ හෝඩුවාවක් වසර බිලියන ගණනක චන්ද්‍රයාගේ කබොලේ තිබිය හැකිය.

GRAIL මගින් කෙරෙන්නේ චන්ද්‍රයාගේ මතුපිට පිලිබිඹු කෙරෙන ගුරුත්වය පිලිබඳ සිතියමක් නිර්මාණය කිරීමයි. ඡයාරූප වලින් පෙනෙන පරිදි හඳේ පෘෂ්ඨය කිලෝ මීටර් 34ත් 43ත් අතර ඝන කමක් ඇත. පෘෂ්ඨයෙන් 98 ක් පමණම ගැටීම් නිසා කැඞී ගොස් ඇත.

No comments:

Post a Comment