Pages

12/9/12

සඳට විනෝද චාරිකා, ගාස්තුව කෝටි 140,000ක්

ඇමෙරිකාවේ හිටපු ගඟනගාමීන් සහ විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් මුදල් ගෙවා සඳ වෙත මිනිසුන් ප‍්‍රවාහනය කිරීම සඳහා නව සමාගමක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

‘ගෝල්ඩන් ස්පයික්’ ලෙස නම් කර ඇති එම සමාගම මගින් සඳ වෙත මිනිසුන් දෙදෙනෙකු ප‍්‍රවාහනය කිරිම සඳහා අය කරන මුදල ඩොලර් කෝටි 140 කි. එය ශ‍්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 14,000 කට ආසන්න මුදලකි.
1960 දශකයේදී සඳ වෙත ප‍්‍රථම වරට මිනිසුන් යැවූ ඇමෙරිකාව දැන් නව සඳ ගමන් කි‍්‍රයාත්මක නොකරන්නේ අධික වියදම් හේතුවෙන් චන්ද්‍ර ගවේෂණ සඳහා වන වැය කපා හැරීමට ජනාධිපති බැරැක් ඔබාමා තීරණය කිරීම හේතුවෙනි.

දකුණු අපි‍්‍රකාව, දකුණු කොරියාව, ජපානය වැනි සඳ ගමන් සඳහා උනන්දුවක් දක්වන රටවල් ගෝල්ඩන් ස්පයික් ඇමෙරිකානු සමාගමේ ඉලක්කය වී ඇති අතර නාසා ආයතනය ආරම්භ කළ සඳ ගමන් ලෝක වාසීන්ට ලබා ගත හැකි වාණිජමය සේවාවක් බවට පත් කිරීම තම අරමුණ බවද පැවසේ.

No comments:

Post a Comment