Pages

12/9/12

ගොඩබිම් ආක‍්‍රමණය සූදානම්

ගොඩබිම් ආක‍්‍රමණය සූදානම්, ඇමරිකානු යුධ නැවු සිරියානු වෙරළේ

බෝමබ හෙලන යානා 8 ක් සහ මිනිසුන් 8000ක් සහිත USS EISENHOWER ගුවන් යානා ප‍්‍රවාහන නෞකාව දැඩි කුණාටු මැද සිරියානු වෙරලට ලඟා විය.
මෙයින් පෙනෙන්නේ ගොඩබිම් ආක‍්‍රමණයක් සඳහා සූදානමකි. විරුද්ධවාදිදින්ට එරෙහිව අසාද් පාලනය රසායනික අවි යොදා ගත්තොත් කලින් සැලසුමක් නොතිබූ මෙම ආක‍්‍රමණය දින කීපයක් ඇතුලත සිදු වනු ඇතැයි ටයිම්ස් වාර්තා කරයි.

මිනිසුන් දහස් ගණනක් ගෙන යා හැකි වනසේ විශේෂයෙන් සකසා ඇති ඇමරිකානු නැවු 11න් එකක් වන මෙම නැව සිරියානු වෙරල තීරයේ නවතා ඇත. මෙය නාවික භටයන් 2500ක් ඇති IVO JIMA ද්විත්ව කාර්ය නෞකාව හා එක්වීමට නියමිතය.

අදාල තැන් වල විශේෂ හමුදා රඳවා ඇති නිසා ඔවුන් යැවීමේ අවශ්‍යතාවක් නැතැයි නිර්නාමික ඇමරිකානු නිලධාරියෙක් ප‍්‍රකාශ කිරීමෙන් පෙනෙන්නේ අවශ්‍ය වුවොත් ගැටුමට මැදිහත් වීමට ඔවුන් සූදානම් බවයි. එසේ වුවහොත් භටයන් 10000ක් යුධ නැවු 17ක් ප‍්‍රහාරක යානා 70ක් ආරක්ෂක නැවු 10ක් සහ හමුදා සංචාරක නැවු සූදානමින් ඇත.  ඇතැම් නැවු සිරියාවෙන් එල්ල විය හැකි මිසයිල වලින් බේරීමට AEGIS මිසයිල ආරක්ෂාවෙන් ද යුක්තය. සිදුවන දේ කලින් කිව නොහැකි වුවත්  ඕනෑම වෙලාවක හමුදා ක‍්‍රියාවලියක් සිදු විය හැකියයි එම නිලධාරියා කියා සිටියි.

මෙම පියවර ගෙන ඇත්තේ තුර්කි දේශසීමාවේ PATRIOT මිසයිල ආරක්ෂණය යෙදිදිමට නේටෝව එකඟ වීමෙන් පසුය. සිරියාව සතුව දැනට මිසයිල 700ක් පමණ ඇතැයි සැලකේ. කාලගුණය යහපත් වූ පසුව සිරියානු ගැටුමට මැදිහත් වීමට සූදානමින් ඇමරිකාව සිටින බව මාධ්‍ය තොරතුරු වලින් කියවේ.

No comments:

Post a Comment