එක්සත් ජාතීන් ගේ අන්තර්ජාතික සන්නිවේදන සහයෝගීතාවයේ (ITU) සාමාජිකයන් ගෝලීය මට්ටමෙන් දත්ත සොරකම් කිරීමේ සම්මතයක් ඇති කිරීමට එකඟ වී සිටී.
Y2270 ලෙස නම් කෙරෙන මෙම සම්මතය අනුව ලෝකය පුරා ඇති විදුලි සංදේශ ආයතන හරහා සම්පේ‍්‍රශණය වන දත්ත පහසුවෙන් විශ්ලේශනය කල හැකිය.
මේ සඳහා යොදා ගැනෙන DEEP PACKET INSPECTION නම් තාක්ෂණය චීනයේ රහසිගත යෝජනාවකි. මෙමගින් අන්තර්ජාලය හරහා සිදුවන හුවමාරු වීම් අධ්‍යයනයෙන් ආරක්ෂිත ලිපිගොනු සහ පිටපත් අයිතින් වැනි දේවල් බෙදා ගැනීම අනාවරණය කර ගැනීමේ හැකියාව අධිකාරීන්ට ලැබේ. අන්තර් ජාලයේ පියා ලෙස සැලකෙන බි‍්‍රතාන්‍ය පරිගණක විද්‍යාඥ ටිම් බර්නර්ස් ලී මෙම යෝජනාවට විරුද්ධව WORLD WIDE WEB සම්මේලනයේදිදි කතාවක්ද පවත්වා ඇත.
බ්ලොග් රචකයෙක් වූ ආතර් හර්මන් කියන්නේ මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අන්තර්ජාලයේ පාලනය භාර දිදිමක් බවයි. ITU හි ලේකම් ජනරාල් ආචාර්ය හැමඩන් I. ටොවූර් මෙම විවේචන ප‍්‍රතික්ෂේප කරන්නේ නිදහස් සංවාදයට මින් බාධාවක් නෙවන බව කියමිනි. එසේ වුවත් මෙම යෝජනාව විශාල ආයතන හා රාජ්‍යයන්ගේ විරෝධයට ලක් වී ඇත.
මේ සතියේ පැවති සම්මේලනයට GOOGLE, FACEBOOK, TWITTER වැනි අන්තර්ජාල සේවා සපයන ආයතන නියෝජිතයන් පැමිණීම වලක්වා තිබුණි. බදාදා එක්සත් ජාතීන් අන්තර්ජාලය පාලනය කරනු වැලැක්වීමට රජයෙන් ඉල්ලා සිටින සෙනෙට් යෝජනාවක් ඇමරිකානු නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලය ඉදිරිපත් කර ඇත.

No comments:
Post a Comment