ඊජිප්තුවේ මතෙරීදාත්මක ශාරියා පදනම් වූ ව්‍යවස්ථාවට පක්ෂව 56.5% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇතැයි අල් අරාම් වාර්තා කර ඇත්තේ විපක්ෂය හොර ඡන්ද දැමීම ගැන චෝදනා කරන අතරතුර දීය නීත්‍යානුකූල නොවන වාර්තාවලට අනුව 56’5% ත් පක්ෂවද 43.5ක් විපක්ෂවද ඡන්දය දී ඇත
මාධ්‍ය වලින් දී ඇති ප්‍රතිශත මූලික ඒවා වන අතර සියළු ඡන්ද ගණන් කර අවසන් නැත 89% ක් ගණන් කර අවසන් බව මුස්ලිම් සහෝදරත්වය කියයි’ ඡන්දය අවසන් වූ විගස විපක්ෂය වන ජාතික ගලවා ගැනීමේ පෙරමුණ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ අක්‍රමිකතා සහ උල්ලංඝන රැසක් සිදුවූ බවයි’
ඡන්ද ක්‍රියාවලිය නිරීක්ෂණයට විනිසුරුවරුන් මදි වීම සහ මුස්ලිම් සහෝදරත්වය නව ව්‍යවස්ථාවට ඡන්දය දෙන ලෙස අයුතු බලපෑම් කිරීම ඔවුන් වාර්තා කර ඇත’ ඊජිප්තු මානව අයිතිවාසිකම් කණ්ඩායම් ද මෙම ඡන්දය නැවත පැවැත්විය යුතුයයි කියා ඇත’
සෙනසුරාදා රාත්‍රියේ කයිරෝවේ විපක්ෂ මූලස්ථානයට ඉස්ලාම්වාදී උද්ඝෝෂකයන් පහර දුන්හ’ පෙට්‍රල් බෝම්බ සහ කුරුළු තුවක්කු ඔවුන් භාවිතා කල අතර ආරක්ෂක අංශ පැමිණෙන විට පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා සිටියහ’ ප්‍රහාරකයන් තාප්පය බිඳ දැමීමට උත්සාහ කල අතර ගොඩනැගිල්ලට හා වාහන වලට අලාභ හානි කල බව අල් වොෆAඩ් කාර්යාලයේ ප්‍රධාන සංස්කාරක මජ්ඩි සර්ගානි ඊජිප්තු ජාතික පුවත් ආයතනය වෙත කියා ඇත’
දැඩි ලෙස ඉස්ලාමීය බවට විපක්ෂය කියන නව ව්‍යවස්ථාව ගැන ලියාපදිංචි ඡන්ද හිමියන් ගෙන් 50% ක් පමණ ඡන්දය දුන් අතර ඉතිරි ඡන්ද අවසන් වූ පසු ලබන සෙනසුරාදා අවසන් ප්‍රතිඵලය නිකුත් කරනු ඇත’ ඡන්ද මධ්‍යස්ථාන වල ආරක්ෂාව සඳහා භටයන් 120000 ක් සහ යුධ ටැංකි 6000 ක් යොදවා තිබුණි’
සති තුනකට පෙර මෝර්සි අධිකරණයේ අවසරයකින් තොරව තීරණ ගැනීමට හැකි වන පරිදි බලය පවරාගත්තේය’ නව ක්‍රියාමාර්ග වලට විරෝධය පෑමට දෙසැම්බර් 9 වන දා කයිරෝවේ ජනපති මන්දිරය අවට උද්ඝෝෂණයේ යෙදුනු අය අනවශ්‍ය බලය අත් හරින ලෙස ඔහුට බල කර සිටියහ’

No comments:
Post a Comment