Pages

12/21/12

තුර්කි-සිරියා දේශ සීමාවේ නේටෝ මිසයිල ලෝක යුද්ධයක පෙරනිමිති

සිරියා-තුර්කි දේශ සීමාවේ පෙටි්‍රයට් මිසයිල ස්ථානගත කිරීම අනාගත ලෝක යුද්ධයක පෙර නිමිති විය හැකියයි ඉරානයේ ඉහල පෙලේ නිලධාරියෙක් සෙනසුරාදා ජාතික රූපවාහිනියට කියා ඇත
මේජර් ජනරාල් හසාන් ෆිරුසාබාදි කියා සිටින්නේ බටහිර රටවල් තුර්කි දේශසීමාවේ මිසයිල ස්ථාන ගත කලේ ඔවුන් ලෝක යුද්ධයක් සැලසුම් කරන අතර තුරදී බවත් එය මනුෂ්‍ය වර්ගයාට හා යුරෝපයටද අනතුරු දායක බවත්ය’ ගින්න පත්තුවීමට පෙර ඒවා ගලවා ප්‍රදේශයෙන් ඉවත් කිරීමට යුරෝපය ඇමරිකාව සහ තුර්කිය කටයුතු කල යුතුයයි ඔහු කියයි’

නොවැම්බර් 21 අන්කාරාව කල ඉල්ලීම දෙසැම්බර් 4 වනදා නේටෝවෙන් පිලිගත් අතර ජර්මනිය හා නෙදර්ලන්තය මිසයිල කණ්ඩායම් දෙක බැගින්ද ජර්මන් භටයන් 400ක් හා ලන්දේසි භටයන් 350ක් පමණද යැවෙනු ඇත’ ඇමරිකානු ආරක්ෂක ලේකම් ලියොන් පැනෙටා ද තවත් මිසයිල කණ්ඩායම් දෙකක් හා ක්‍රියාකරුවන් 400ක් පමණ යැවීමේ අණකට අත්සන් කර ඇත’

රුසියාව හා ඉරානය නේටෝවේ මෙම ආරම්භයන් වලට දැඩිව විරුද්ධවෙති’ කුපිත කිරීම් වලින් දරුණු අවි ගැටුම් ඇති කල හැකි නිසා අප මෙය වහා නැවැත්විය යුතුයයි රුසියානු විදේශ ඇමති සර්ජි ලැවුරොව් නේටෝවේ ලේකම් ජනරාල් ඇන්ඩර්ස් ෆොග් රැස්මුසේන් වෙත දුරකථන ඇමතුමකින් කියා ඇත’ දෙසැම්බර් මුලදී තුර්කියේ සංචාරය කල රුසියානු ජනපති පූටින් කියා සිටියේ දේශසීමාවේ අවි රැස්වීම ප්‍රදේශයේ ස්ථාවර බව ඇති නොකරන බවයි’

අගෝස්තුවේදී ජෙනරාල් ෆිරුසාබාදි අන්කාරාවට අනතුරු ඇඟවූයේ සිරියානු විපක්ෂයට ආධාර කිරීමෙන් අභ්‍යන්තර ගැටුම් දේශ සීමාවට ගෙන ඒමට ඔවුන් කටයුතු කරන බවයි’ ඉරාන විදේශ අමාත්‍ය අලි අක්බාර් සලෙහි පොරොන්දු වූයේ ජනපති බෂාර් අසාද් නෙරපීමට ටෙහෙරානය බටහිරට ඉඩ නොදෙන බවයි’

No comments:

Post a Comment