Pages

12/21/12

දුෂණයකට ලක්වූ තරුණියගේ ජීවිතය අවදානම්

බස් රථයක් තුලදී සමූහ දුෂණයකට ලක්වූ තරුණියගේ ජීවිතය අවදානම්

ඉන්දියාවේ නවදිල්ලි නුවර ධාවනය වන බස් රථයක් තුලදී කාමතුරයන් පිරිසක් විසින් දුෂණය කරන ලද 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවගේ ජීවිතය අවදානම් බව ඇයට ප‍්‍රතිකාර සිදු කරන සෆ්ටාජාන් රෝහල් ආරංචි මාර්ග පවසනවා.
ඉන්දියාවේ අගනුවර ධාවනය වෙමින් තිබූ බස්රථයක් තුලදී රාතී‍්‍ර 9.00 ට පමණ මෙම සාහසික අපරාධය සිදුකර ඇති කාමතුරයන් පිරිස ඇගේ හිසට යකඩ පොල්ලකින් පහර දී ඇයව ධාවනය වන බසයෙන් එළියට ඇදදමා ඇත.

මේ වන විට සෆ්ටාජාන් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ කෘතිම ස්වසන උපකරණ ආධාරයෙන් ජීවත් වන අතවරයට පත් තරුණියට පසුගිය පැය 48 පුරාවටම පියවි සිහිය ලැබී ඇත්තේ එක වතාවක් පමනයි.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට බස්රථයේ රියදුරා ඇතුළු 4 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් දෙදනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව නවදිල්ලි පොලිස් ආරංචිමාර්ග පවසයි.

මෙම සාහසික අපරාධයට එරෙහිව ඉන්දියාවේ සියළුම ප‍්‍රධාන දේශපාලන පක්ෂ තම විරෝධය පල කර ඇති අතර මෙම සාහසික අපරාධයේ හවුල්කරුවන් එල්ලා මරාදැමිය යුතුයැයි පවසමින් උද්ඝොෂණ ව්‍යාපාර රැසක්ද නවදිල්ලි නුවරදී පැවැත්වුනා.

No comments:

Post a Comment