දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ ඇතිවු දරුණුම අපරාධය ලෙස සැලකෙන 1995 ස්රෙබ්නිකා සමූල ඝාතනයේදී අනුගමනය කළ ක්‍රියාදාමය සම්බන්ධයෙන් බොස්නියානු සර්බි ජෙනරාල් ද්‍රාව්කෝ ටොලිමිර් වරදකරු බව තීරණය කළ එක්සත්ජාතීන්ගේ යුගෝස්ලිවියානු යුද අපරාධ අධිකරණය ඔහුට ජිවිතාන්ත සිර දඩුවමක් නියම කර තිබේ
හේග් නුවර පිහිටි මේ අන්තර්ජාතික අධිකරණයේ විනිසුරු ක්‍රිස්ටෝප් ෆ්ලජ් ප්‍රකාශ කර ඇත්තේ සමූල ඝාතනය ඇතුළු අපරාධ සම්බන්ධයෙන් ටොලිමිර් වරදකරු බව අධිකරණයේ විනිසුරුවන් බහුතරයක් විසින් තීන්දු කර ඇති බවය’ තින්දුව ප්‍රකාශ කිරිමට පෙර තෙවරක්ම ඔහු කුරුස ලකුණ සංකේතවත් කරනු දක්නට ලැබි ඇත’
මේ තීන්දුව බොස්නියා හර්සගොවිනාවේ අනාගතය සම්බන්ධයෙන් ඛෙහෙවින් වැදගත්වනු ඇතැයි ස්රෙබ්නිකා වින්දිතයන්ගේ මව්වරු නමින් හැඳින්වෙන සංවිධානයේ සභපතිනිය කීවාය’ අපට වෛරයෙන් තොරව ආදරයෙන් එක්ව සිටිය හැකි අනාගතයකට හිමිකම් කිව හැකියැයි ඇය වැඩිදුරටත් කීවාය’
මේ තීන්දුව බොස්නියානු අගනගරය වන සර්යේවෝ හි දි ප්‍රසාදයට පත්ව ඇති අතර එය සජීවිව රූපවාහිනියෙන් විකාශනය කරන ලද බව පැවසේ’ 64 හැවිරිදි ටොලිමිර් ට ජිවිතාන්ත සිර දඩුවමක් ලබා දෙන ලෙස ඉල්ලන ලද පැමිණිල්ලට විනිසුරුවන් තිදෙනාගෙන් දෙදෙනකුම අනුමැතිය පල කර ඇත’
මේ අධිකරණයේම විමර්ශනයට ලක්ව සිටින බොස්නියානු සර්බි හමුදාපති රැට්කෝ ම්ලාඩික් ගේ දකුණු අත ලෙස සැලකුනු ටොලිමිර් මුස්ලිම් වරුන් හා ළමයින් 6000 ක් පමණ බොස්නියා සර්බි හමුදා නිලධාරින් විසින් ඝාතනය කරන අයුරු නිරීක්ෂණය කර තිඛෙන බව විනිසුරුවන් ගේ මතය වී තිබිණ’ මේ පිරිස ගබඩාවකට දමා ඔවුන් මැෂින්තුවක්කු හා බෝම්බ ප්‍රහාර වලින් ඝාතනය කර ඇතැයි ද විනිසුරුවෝ කියා සිටියහ’
සමූල ඝාතනයට අමතරව තවත්අපරාධ 6 ක් සම්බන්ධයෙන්ද ටොලිමිර් වරද කරු බවට පත්ව තිබිණ’

No comments:
Post a Comment