ජපානයේ 7.3 භූමිකම්පාවක්..
සුනාමි අනතුරු ඇගවීම් නිකුත් වෙයි..
මියාගි වෙරළට මීටරයක් උස සුනාමියක්...
BREAKING NEWS
Update 12/07/2012 14:11 PM
ලංකාවේ වේලාවෙන් අද දහවල් 1.30 ට පමණ ජපානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් ඇති වූ භූකම්පනයෙන් පසුව එරට ප‍්‍රදේශ කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් කර තිබේ.
රිච්ටර් මාපක 7.3ක මෙම භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය කමිඅෂි ප‍්‍රදේශයෙන් කි.මී. 245 ක් නිරිත දෙසින් හා කි.මී. 36ක් ගැඹුරින් ඇති ව තිබේ.
මෙම භූමිකම්පාවෙන් පසු නැගෙනහිර ජපානයේ මියාගි වෙරළට මීටරයක පමණ උස මුහුදු රළ ගලා එන්නට වූ බව පුවත් වාර්තා සඳහන් කරනවා.
මින් ඉහත පසුගිය 2011 මාර්තු මාසයේත් ජපානයේ මියාගි ප්‍රදේශය සුනාමියකට ලක්ව තිඛෙන අතර එයින් 15000 ක් දෙනා මිය ගියා. මෙවර අනතුරු ඇගවීමත් සමග ජනතාව හිස්ලුලු අත දිවයන්නට පටන් ගෙන ඇතැයි වාර්තා වනවා.
මෙම භූමිකම්පාව නිසා ජපානයේ ටෝකියෝ අගනගරයටද සුනාමි අවදානමක් පවතින බැවින් උස් ප්‍රදේශවලට යන්නැයි අනතුරු හැගවීම් කර ඇත.
මෙම භූමි කම්පාව සිදුව ඇත්තේ ජපානයේ වේලාවෙන් සවස 5 ට පමණය. සුනාමි තත්වයන් පස්වරු 6 පමණ වනවිට වාර්තාවී තිඛෙන අතර මේ වනවිට රත්‍රී කාලය උදාවී ඇත.
මේ හේතුවෙන් තම නිවෙස් අතහැර වෙනත් ස්ථානවලට පිය නගන ජපන් වැසියන් අතිශය දුෂ්කර තත්වයන්ම මුහුණ පා ඇති බවත් වාහන තදබදයන් පවා ඇති බවත් වාර්තා වනවා.
දැන් තිඛෙන තත්වය ගැන සීඑන්එන් වාර්තාව පහතින්
.jpg)
No comments:
Post a Comment