පිලිපීනයට බලපෑ සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් 43 දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
දකුණු දිග පිලිපීනයට මෙම සුළි කුණාටුව දරුණු ලෙස බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙමගින් 25 දෙනෙක් තුවාල ලබා ඇති බව ද සඳහන්ය.
සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත්තේ කොම්පොස්ට්ටෙලා පළාතටයි.
මේ හේතුවෙන් තවත් 40000 ට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පැයට කිලෝමීටර් 210 ක වේගයෙන් හමා ගිය මෙම සුළි කුණාටුවත් සමග අධික වර්ෂාවක් ද හටගෙන ඇති බව වාර්තා වේ.
මෙම ආපදා තත්ත්වයත් සමග බොහෝ ප‍්‍රදේශවල විදුලිබලය ඇණහිට ඇති අතර ගමනා ගමනයට ද බාධා පැමිණ ඇති බව සඳහන්ය.
ඇතැම් ප‍්‍රදේශවල ගං වතුර මෙන්ම නායයාම් හටගෙන ඇති බවද වාර්තා වේ.

No comments:
Post a Comment