Pages

12/6/12

නෞකාවක් අනතුරට ලක්වීමෙන් සිව් දෙනෙක් මරුට

භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් උතුරු මුහුදේ දී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
බෙල්ජියම සහ නෙදර්ලන්තය අතර වූ මුහුදේ දී මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාව යමක හැපී අනතුරට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එහිදී නෞකාවේ ගමන් කළ තවත් පුද්ගලයින් අට දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

මුදා ගැනීමේ කණ්ඩායම් විසින් නෞකාවේ සේවය කළ පුද්ගලයින් 13 දෙනෙකු බේරාගෙන ඇති අතර අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ කටයුතු සඳහා හෙලිකොප්ටර් යානා ද යොදවා තිබේ.

මියෙන්මාර ධජයක් යටතේ බෙල්ජි‍යමේ සීබර්ග් හි සිට ෆින්ලන්තය දක්වා මෙම නෞකාවෙන් මෝටර් රථ ප්‍රවාහනය කරමින් සිට ඇති බව සඳහන්ය.

No comments:

Post a Comment