දූෂණයට ලක්ව මිය ගිය ඉන්දීය තරුණියගේ දේහය ආදාහනය කර තිබේ.
විශේෂ ගුවන් යානයකින් දේහය අද අළුයම දිල්ලි නගරයට රැගෙන ඒමෙන් පසු ආදාහන කටයුතු සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
රන් පැහැති මිනී පෙට්ටියක දේහය තැන්පත් කර තිබූ අතර දැඩි ආරක්ෂාව මධ්‍යයේ අවමංගල්‍ය කටයුතු සිදුව තිබේ.
සිංගප්පූරුවේ සිට දේහය රැගෙන එන අවස්ථාවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මොහන් සිං මහතා ද ඉන්දීරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොස් තිබුණි.
මේ අතර ඊයේ (29) රාත්‍රියේදී දහස් ගණන් ඉන්දියානුවන් ඉටි පහන් දල්වා සාමකාමී විරෝධතාවක නිරත වුණු අතර කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඔවුන් ඉල්ලීමක් කරන ලදී.

No comments:
Post a Comment