වොෂිංටන් බෞද්ධ විහාරයේ භාවනා කරන්න
වසර අවසානයේ නොයෙකුත් ක‍්‍රියාකාරකම් නිසා හුස්මක් කටක් ගැනීමට නොහැකි තරමට මිනිසුන් හෙම්බත් වී සිටිති. මේ නිවාඩු සමයේ හුස්ම ගැනීම භාවනාවක් කර ගැනීමටද අවස්ථාවක් ඇතැයි වොෂිංටනයෙන් වාර්තා වේ.
වොෂිංටන් බෞද්ධ විහාරයේ සතිපතා භාවනාවක් මෙහෙයවන පූජ්‍ය මණ්ඩාවල පඤ්ඤාවංශ හිමියන් පවසන්නේ තමන් හුස්ම ගන්නා සහ පිට කරන දේ මොනවා දැයි උන් වහන්සේ දන්නා බවයි.
ඕනෑම ආගමික පසුබිමක සිටින අයකුට මෙම පැයක කාලයක් පවත්වන භාවනාවට සහභාගි වී සැනසුම ලබා ගත හැකිය. මිනිසුන් 20කට වැඩි ප‍්‍රමාණයක් මෙහි බෞද්ධ වත් පිලිවෙත් අනුව සන්සුන්ව භාවනා කරනු දැකිය හැක.
ආධාර ඉල්ලීමක් හෝ පැමිණිම සටහන් කිරිමක් නැති මෙහි ඕනෑම අයකුට නිර්ණාමිකව පැමිණ පිටවී යා හැකිය. භාවනාව ඇරඹීමට පෙර පඤ්ඤාවංශ හිමියන් නිහඬ බව ඉතා වැදගත් යයි දේශනා කරති. දුරකථන හෝ ගෙදර දොර ප‍්‍රශ්න මෙහිදී අමතක කල යුතුය.
මෛත‍්‍රී භාවනාව, ආනාපාන සතිය ආදී භාවනාවන් මෙහිදී පුහුණු කරයි. බොහෝ භාවනා අවසානයේ භික්ෂූන් වහන්සේලා සමඟ සාකච්ඡුා ද පැවැත්වේ. මෙයට සහභාගි වන අය විවිධ අරමුණු ඇතිව පැමිණෙන්නන් බව පෙනෙන්නට ඇත.
සිල්වර් ස්ප‍්‍රිං හි ශිෂ්‍යයකු වන ගිල්බර්ටෝ සසුවෙටා සහ ඔහුගේ බිරිඳ පවසන්නේ තමන් ආගම් පිලිබඳ අධ්‍යයනයට කැමති බවයි. නමුත් 40 හැවිරිදි බ‍්‍රැන්ඩි වෝකර් ප‍්‍රකාශ කලේ භාවනාවෙන් මනස ක‍්‍රියා කරන ආකාරය දැනෙන බවත් ශරීරය සැහැල්ලු කරන බවත්ය.

No comments:
Post a Comment